ආණ්ඩුව මර්දන ත්‍රිත්වයක් දියත් කරලා – විපක්‍ෂ නායක සජිත් කියයි

103

අධි ආරක්‍ෂක කලාප ඇතිකරමින් තවත් නීති විරෝධි මර්දනයක් ක්‍රියාත්මක කර ඇති බවත් ආණ්ඩුව මර්දන ත්‍රිත්වයක් රට තුළ දියත් කර ඇති බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා තරුණ ක්‍රියාකාරීන් සිරගත කිරීම සහ නිදහස් මාධ්‍යයේ පැවැත්මට බාධා පැමිණවීමද සිදුකර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

 රටේ මන්දපෝෂණය උද්ගතවී දරුවන් දිවා ආහාරයට කුරුම්බා ලොද කන තැනට රට පත්ව ඇති අතර ඇමැතිවරුන් එම වේදනාවට බොළඳ ප්‍රතිචාර දක්වමින් ජනතාවට සිනාසෙන්නට පටන්ගෙන ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

 බණ්ඩාරගම සජබ ප්‍රධාන සංවිධායක නයනක රන්වැල්ල මහතා විසින් සංවිධානය කර තිබූ ආසන බලමණ්ඩල රැස්වීමේදී විපක්‍ෂ නායකවරයා මේ බව කීය.

advertistmentadvertistment
advertistmentadvertistment