ආණ්ඩුව මවා පාන සුන්දර අවුරුදු සැමරීමක් ජනතාවට නෑ – තිස්ස අත්තනායක

59

ජනතාව ඉතා සතුටින් අවුරුදු සැමරීමට සූදානම් බව මවා පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කරන මුත් එවැනි සුන්දර අවුරුදු සැමරීමක් ජනතාවට මේ වසරේ නැතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (12දා) පැවසීය.

ජනතාවට සතුටින් අවුරුදු සැමරිය හැකි වටපිටාවක් නිර්මාණය කර දීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වුණේ යැයි ද හෙතෙම කීවේය. ශ්‍රී ලංකාවේ පවුල්වලින් 50% ක් තුන්වේල පිරිමසා ගැනීමට නොහැකි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇතැයි ලෝක බැංකුව මෙන්ම යුනිසෙෆ් සංවිධානය ද සඳහන් කර ඇතැයි ද පැවසූ ඒ මහතා ආණ්ඩුවම මැදිහත් වී හාල් බෙදන්නේත් ඒ නිසා යැයි ද කීවේය. කෙසේ නමුත් ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරන බව ද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment