ආණ්ඩුව රට ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත්කොට ඇතැයි විපක්ෂ නායක කියයි

90


අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති බවත් පාලකයන්ට අධි පෝෂණයද රටේ ජනතාවට මන්දපෝෂණයද උරුම වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.එසේම වත්මන් පාලකයන්ගේ ක්‍රියා කලාපය හරහා මන්දපෝෂණය පැතිර ගිය රටක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් අඩු බර උපත් ඇති දරුවන් වැඩි ප්‍රමාණයක් බිහි වන රටක් ලෙස ලංකාව වාර්තාගත වී තිබෙන බවද පවසයි. අද මේ රට කුසගිනි පාරාදීසයක් මෙන්ම ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් බවට පත්කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
විපක්ෂ නායක වරයා මේ බව පැවසූවේ ජනදුක විමසන ,මනුශ්‍යත්වයේ චාරිකාව, හතරවෙනි දිනය සූරියවැව නගරයෙන් ඊයේ ආරම්භ කරමිණි.

advertistmentadvertistment
advertistmentadvertistment