ආණ්ඩුව රාජපක්ෂලාට එළන පාවාඩ ගැන විපක්ෂ නායකගෙන් චෝදනා

160


වර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එළමින් සිටින බවත් මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රාජපක්ෂ රජ පවුල රටට අහිමි කළ භූමියේ අයිතිය මුදල් නැවත ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටින බවත් එම ජනතා හඩට කන් දී සමගි ජනබලවේග රජයක් යටතේ මේ රටේ මහජන දේපළ මුදල් සූරා කාපූ මංකොල්ල කාපූ සියලු දේවල් නැවතත් රටට ගෙන එන බවත් වංචාවන් සදහා සම්බන්ධ වූ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
රාජපක්ෂලා බලයේ නොසිටිය ද වර්තමාන රජය රතුපස්වල මිනීමරු සංස්කෘතිය නැවත වරක් ඉස්මතු කිරීමට උත්සාහ කරන බවත් ප්‍රජාතන්ත්‍රීය අරගලයක නිරතව සිටි මේ රටේ තරුණ පරපුර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන ඉතාමත් මිලේච්ඡ ආකාරයට මර්දනය කරමින් සිටින බවත් මේ තරුණ මර්දනයට දඩයමට විපක්ෂයක් ලෙස සම්පූර්ණයෙන් විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
අද පැවැති සමගි ජන බලවේගයේ කටාන ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment