ආණ්ඩුව වැටුණොත් ඒ බැසිල් නිසා: ඔහුට රටේ ජනතාව කැමති නෑ

425

බැසිල් රාජපක්‍ෂ කියන චරිතය මේ රටේ ජනතාව වැළඳ ගන්න කැමති නැහැ. හෙට දවසේ අපිට මොනවා කරයිද දන්නේ නැහැ. අපි ලෑස්තියි, මම මේ කියන දේ සැර වැඩි ඇති යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ ඊයේ (25දා) පැපිලියානේදී පැවසූහ.

මේ තත්ත්ව යටතේ අද අන්ත අසරණභාවයට පත්ව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

මාධ්‍ය හමුවකදී තවදුරටත් කතාකළ උන්වහන්සේ මෙසේද කීහ.

මේ ආණ්ඩුව වැටුණොත් ඒ නිශ්චිත පුද්ගලයෙක් නිසා, ඒ කිව්වේ බැසිල් රාජපක්‍ෂ මහත්තයා නිසා. ඔහු ජනතා බලාපොරොත්තු විනාශ කරන බලවේගය බවට පත්වෙයි කියන එක අපේ හිතේ තිබුණා. ඒ වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමා අපට කිව්වා ‘‘හාමුදුරුවනේ මාව විශ්වාස කරන්න අලූත් ව්‍යවස්ථාවක් හදනවා ඒ ව්‍යවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය කියන මේ ප‍්‍රතිපාදනය ඉතුරු කරන්නේ නැහැ’’ කියලා. මම එතකොට කිව්වා ‘‘බලන්න චන්ද්‍රිකාට බැරිවුණා ව්‍යවස්ථාව හදාගන්න. රනිල්ට බැරිවුණා ව්‍යවස්ථාව හදාගන්න, මෛති‍්‍රපාල මහත්තයාටත් බැරිවුණා ව්‍යවස්ථාව හදාගන්න එහෙම නම් ඔබතුමා හිතනවද අලූත් ව්‍යවස්ථාවක් හදන්න ඔබතුමාට පුළුවන් වෙයි කියලා.’’ ඊට පස්සේ එතුමා ඇහුවා ‘‘ඔබ වහන්සේ හිතන්නෙත් මමත් ඒ වගේ කෙනෙක් ද කියලා, ඊට පස්සේ පැය 11ක් ලයිට් කපන තැනට එනවා. කොරෝනාවට විතරක් මේ අර්බුදය භාරදෙන්න බැහැ. බලයට එනතුරු හිටිය මිනිස්සු නෙමෙයි මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ලොකු වුණේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඥාණතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment