ආණ්ඩුව සජබ සහ 40 කණ්ඩායමෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනා තුනක් කතානායකට:

141

එකක් ආණ්ඩුවෙන්

පවතින දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බවට ජනතාව තුළින් මතුව ඇති ඉල්ලීම් හමුවේ දේශපාලන පක්ෂ විසින් මේ වන විට ඒ සම්බන්ධව කඩිනම් ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන ඇත.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා තුනක් මේ වන විට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී ඇත. ආණ්ඩුව, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ස්වාධීන මන්ත්‍රී 40 කණ්ඩායම මෙලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා තුන භාරදී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ලබාදී ඇති යෝජනාවලියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන පාර්ලිමේන්තුව බලවත් කෙරෙන නව සංශෝධන ඇතුළත්ය. පාර්ලිමේන්තුවේ ස්වාධීන ලෙස කටයුතු කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයන් ඇතුළු 40 කණ්ඩායම ද විජයදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරීත්වය මත නව ව්‍යවස්ථා සංශෝධනය කථානායක වෙත භාරදී ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් 20 වැනි ව්‍යවස්ථාව අහෝසි කෙරෙන පාර්ලිමේන්තුවට බලය ගෙන එන පරිදි සංශෝධන සහිතව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මේ විට යෝජනා ලබා ගනිමින් සිටී.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පාර්ශ්වයෙන් ද මේ වන විට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නීතිඥවරුන් කණ්ඩායමකගේ සහායෙන් සකස් කෙරේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment