ආණ්ඩුව සමාජ ක්‍රියාකාරීන් මර්දන කරන බව කාදිනල් හිමිගෙන් චෝදනා

154
පාස්කු ප‍්‍රහාරය පිටුපස ගැඹුරු කුමන්ත‍්‍රණය හෙළිකරන්න.... කටවල් වහන්න සමහර බුද්ධි නිලධාරීන්ට උසස්වීම් දුන්නා

පවතින රජය මගින් කෙරෙන කුරිරු මර්දනය මේ වනවිට දරාසිටිය නොහැකි තරමටම වර්ධනය වී ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.ඒ හේතුවෙන් රට තුළ නිදහස සහ යුක්තිය ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාකාරී වන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව කාදිනල් හිමියෝ පෙන්වා දෙති. රටේ සිදුවී ඇති සහ දැනටමත් සිදුවෙමින් ඇති දූෂණ වංචාවන්ට එරෙහිව කතාකරන, සාමකාමීව විරෝධතා දක්වන, විරෝධතා පාගමන් සංවිධානය කරන, සමාජ සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී නායකයින්ට සහ ජනතාවට එරෙහිව මර්දනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව ද සදහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment