ආණ්ඩු පක්ෂ රැස්වීමේ ගැටුම දුරදිග යයි

1800

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කොටුව පොලීසිය පියවර ගෙන ඇත.ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම්දීමට ඊයේ (05)පස්වරුවේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.පසුගිය සඳුදා පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය පියාට පහරදීමක් සිදුකළ බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් කොටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබිණි.අදාළ පැමිණිල්ලට අනුව කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment