ආණ්‌ඩුව ගේන්න එක රෑනට සිටි සෙස්‌ පක්‌ෂ අමතක කරන්න එපා… අගමැති පොදුජන පෙරමුණේ සංවත්සරයේදී කියයි

232

ආණ්ඩුව සමග එකට සිටින එක අරමුණකට ගමන් කරන සියලූ පක්ෂ එක ?නට සිටීම අත්‍යවශ්‍ය බවත් එම සමගිය රැුකීම ප‍්‍රධාන පක්ෂය වන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වගකීම බවත් එහි නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02දා* අවධාරණය කළේය.

නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ 05වැනි ජාතික සමුළුව අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.

 දුෂ්කර අවස්ථාවල එකට සිටි සුළු පක්ෂ හෝ ලොකු පක්ෂ වුවද එම කවුරුත් ආණ්ඩු බලය ඇති මොහොතේ ඈත් කරන්න බෑ. එම පක්ෂ අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නොවන බවත් දේශපාලනයේදී වැදගත් වෙන්නෙ අරමුණයි බවත් අගමැතිවරයා සඳහන් කළේය.

 එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

 ආණ්ඩු බලය ගත්තාට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලෙ වෙන් කරන්න පටන් අරන් තියෙනවා. පක්ෂයක කීර්තිය ජනප‍්‍රියත්වය රැුකෙන්නේ ආණ්ඩු බලයෙන් නොවෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වාගේම ජනතාව අතර දේශපාලනයත් කරන්නත් ඕනෑ.

 පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතුවලින් ඈත් වුණ නිසා. අද ගොවි උද්ඝෝෂණ වුණත් මේ තරම් බරපතළ විදිහට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසා. ඒ ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕනෑ.

 සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක‍්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. කම්හලේ වැඩබිමේ ගොවිබිමේ අපේ පක්ෂයේ බලය තහවුරු කර ගන්න ඕනෑ. අපි තේරුම් ගන්න ඕනෑ අපිට ඡුන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වාගේ කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒක තමයි සිරිත. ජනතාව බනින්න පුළුවන් පඹයො පුච්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕනෑ.

 අපි නිතරම සමගියට අත වනන පක්ෂයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂ එක්ක එකට හිටියා. වාද විවාද මැද වුණත් එකට වැඩ කළා. පොදුජන පෙරමුණත් ඒ ගැන හිතන්න ඕනෑ. පක්ෂ කුඩා වෙන්න පුළුවන්. ලොකු කුඩා නෙවෙයි දේශපාලනයේදී වැදගත් වෙන්නෙ අරමුණයි වැදගත්. මේ හැමෝම අපිත් එක්ක එක මග යන අය. අපේ දුෂ්කර අවස්ථාවල එකට එක පිලේ සිටි අය. එක අරමුණකට සටන් කළ අය. මේ කවුරුත් අපිට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරු නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒ අයත් අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය. ඒනිසා ඒ සියලූ පක්ෂ එදා හිටපු සියලූ පක්ෂ එක ?නට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප‍්‍රධාන පක්ෂයේ අපේ වගකීම.

 පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැමිණීම අපට විශාල ශක්තියක් වුණා. මේ පක්ෂය එතුමාට ශක්තියක් වුණා වාගේම එතුමාත් පොදුජන පෙරමුණට ආකර්ෂණයක් ගෙනාවා. දේශපාලනය ඈත් කරලා සිටි විශාල තරුණ පිරිසක් එතුමා ගැන විශ්වාසය තියලා ඡුන්ද පොළට ගියා. අපි ජනාධිපතිවරණයේදි ලබපු ජයග‍්‍රහණයත්, පාර්ලිමේන්තුවේ ලබපු ජයග‍්‍රහණයත් ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග‍්‍රහණයක් සමග සංසන්දනය කරන්න බෑ. ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොහොට්ටුවට පුළුවන් වුණා.

 අපි ජයග‍්‍රහණය කළ මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත‍්‍ර ඇන්දා. නන්නාඳුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතිව චිත‍්‍ර ඇන්දා. අතේ වියදමෙන් තීන්ත අරගෙන කාණුවල බැහැගෙන, බස් නැවතුම්පළවල් රජයේ කාර්යාලවල තාප්ප, පාසල් තාප්ප මේ හැමතැනම මහ ? චිත‍්‍ර ඇන්දා. අද ඒ චිත‍්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. තරුණයෝ තාප්පවල චිත‍්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය.

 අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment