ආණුඩුවේ ඩොලර් අවුලෙන් රටම අර්බුදයක – මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක

176

බොරතෙල් ගන්න ඩොලර් නැතිව තිබෙන පිරිපහදුවත් වහන්නට වී ඇති බවත් ගල්අඟුරු ගන්න ඩොලර් නැතිව ගල් අඟුරු බලාගාරයද වසා දමන තැනට කටයුතු සිදුවී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ගෑස් වලින් මේ අවුරුදු දෙකක කාලය තුළ කෝටි 2000 ක වංචාවක්වී ඇති බවත් ලබන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද කිරිබත් කන්න බැරි සාගතයක් තුළ සමරන්නට වන බවත් ඔහු කීය.

මේ රජය 2022 ට අයවැය ඉදිරිපත් කළා. ඒත් මේ රට ණය ගෙවන්නේ කොහොමද කියන කිසිම දෙයක් එහි නැහැ. අද කිරිපිටි ගන්න පෝලිමේ යන්න ඕන, ගෑස් ගන්න පෝලිමේ යන්න ඕන, භූමි තෙල් ගන්න පෝලිමේ යන්න ඕන. වැසිකිලි කටක් ගන්න, සිමෙන්ති ගන්න පෝලිමේ යන්න ඕන. ඉදිරියේදී මේ පොහොර ප‍්‍රශ්නය හේතුවෙන් හාල් පෝලිම්ද ඇතිවෙයි. එමෙන්ම එළවලූ පළතුරු හිඟයක්ද ඇතිවෙයි. එම තත්ත්වයන් මත අපිට කෙටි කාලයක් තුළ ආහාර හිඟයකට යන්න වෙනවා.

ආහාර රටින් ගෙන්න පුළුවන් ඒත් ඩොලර් නැහැ. තෙල් පිරිපහදුවක් හදන බව ආඩම්බරයෙන් කියනවා. ඒත් දැන් බොරතෙල් ගන්න ඩොලර් නැතිකමින් තියෙන පිරිපහදුවත් වහන්න වෙනවා. දැන් වැස්ස තියෙන නිසා ජල විදුලිය උපරිම ලෙස නිපදවෙනවා. ඒත් ලබන වර්ෂයේදී විදුලි හිඟයක් ඇති වෙනවා යැයිද ඔහු කීවේය.

43 වන සේනාංකය නුවරඑළිය දිස්ත‍්‍රික් හමුව අමතමින් චම්පික රණවක මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා
 

advertistmentadvertistment
advertistmentadvertistment