ආතතියෙන්  මිදෙන්න

207

හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට අහිතිකර ලෙස බලපෑම් එල්ල කරයි. එනම් අධික රුධිර පීඩනය, අක්‍රමවත් හෘද රිද්මය, ධමනි හානියට ලක්වීම, කොලොස්ටරෝල් මට්ටම ඉහළ යෑම, කිරීටක ධමනි රෝග (atherosclerosis) ඇතිවීම හෝ උග්‍රවීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීම සිදුවේ.

 මේ වනවිට අප සෑම කෙනෙක්ම වාගේ දිවි ගෙවන්නේ දැඩි මානසික ආතතියකිනි. එම ආතතියෙන් මිදීම සඳහා ඇතැම් අය දුම්පානය, අධික ලෙස ආහාර අනුභවයට, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයට යොමුවෙති.

 මෙම සියලු සාධක හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට අහිතිකර ලෙස බලපෑම් එල්ල කරයි. එනම් අධික රුධිර පීඩනය, අක්‍රමවත් හෘද රිද්මය, ධමනි හානියට ලක්වීම, කොලොස්ටරෝල් මට්ටම ඉහළ යෑම, කිරීටක ධමනි රෝග (්එයැරදිජකැරදිසි) ඇතිවීම හෝ උග්‍රවීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීම සිදුවේ.

 එබැවින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට විවේකය ලබාගැනීම, ව්‍යායාමවල යෙදීම, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම, සැලසුමකට අනුව දවසේ කටයුතු සිදු කිරීම, සතුට ගෙන දෙන කටයුතුවල නිරත වීමට හුරුවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment