ආතරයිටීස් සුවයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර

645

වයස අවුරුදු 30 පසුවන විට සිරුරේ වළලුකර, දණහිස, වැලමිට ආදී සන්ධි ආශ්‍රිතව නිතර වේදනාවක් හට ගනීනම් ඒ ගැන වෙනදාට වඩා සැළකිලිමත් විය යුතුය. මෙය හන්දිපත් රුදාව හෙවත් ආතරයිටීස් රෝගයේ මූලික ලක්ෂණ විය හැකිය.

විශේෂයෙන්ම කාන්තාවන් මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකළ යුතුය. ආතරයිටීස් රෝගයට ගොදුරු වන පිරිස අතර වැඩි වශයෙන් සිටින්නේ කාන්තාවන්ය. එම පිරිස අතර තම මාසික ඔසප්වීම නතරවී ඇති හෙවත් ආර්ථව හරණයට ලක්වූ කාන්තාවන් මේ සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත්විය යුතුය. ඔවුනට ආතරයිටීස් රෝගය ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝ පවතී.

ආතරයිටීස් ඇතිවීම හඳුනා ගැනීම

ආතරයිටීස් රෝගයේ මූලික ලක්‍ෂණ බොහෝ දෙනාට මතුවන්නේ දෙපාවල වළලුකර සන්ධියෙනි. එහි වේදානවක් හිරිගතියක් උදෑසනට අවදිවන විට ඉදිමුවක් ඇවිදින විට වේදනාවක් වාරු නැති බවක් වැනි ලක්‍ෂණ පළමුව මතු වේ.

ඉන්පසු එම රෝග ලක්‍ෂණ දණ හිස වැලමිට ආදී සන්ධි දක්වා ගමන් කළ හැකිය. ආතරයිටීස් රෝගයේදී බොහෝ දෙනාට පවතින දැඩි අපහසුතාව වන්නේ පවතින හිරිගතිය සහ සන්ධි ක්‍රියා කරන විට ඇතිවන වේදනාවන්ය.

ආතරයිටීස් රෝගය ඔස්ටියෝ ආතරයිටීස් රුමැටික් ආතරයිටීස් ආදී ලෙස බටහිර වෛi විiාවේ වර්ග කර ඇත. ආයුර්වේදයේ සහ දේශීය වෛi ක්‍රමයේද එය සන්ධි රෝග ලෙස ප්‍රබේද ගණනාවකට වර්ග කර තිබේ.

ආතරයිටීස් රෝගය ඇතිවීමට බලපාන හේතු

ආතරයිටීස් රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවක් වනනේ අප ගනු ලබන ආහාර නිසි ලෙස සිරුරට උරා නොගැනීමය. එසේ වන්නේ අපගේ සිරුරේ ජීර්ණ ක්‍රියාවලියේ ඇතිවන දුර්වලතා හේතුවෙනි. එවිට නිසි ලෙස ආහාරයේ ඇති පෝෂණ කොටස් ශරීරයට උරා ගැනීම අපහසුවේ. ආහාරයේ ඇති පෝෂණ කොටස් රස, රක්ත, මාංශ, මේද, අස්ථි, ඇටමිදුළු, ශුක්‍ර ලෙසින් සප්ත කොටස්වලට බෙදී උරාගනු ලබයි.

මෙසේ ආහාරයේ ඇති පෝෂ්‍ය කොටස් නිසි ලෙස සිරුරට උරාගැනීමට බාධාවන විට සිදුවන්නේ නිසි ලෙස ජීර්ණයට ලක් නොවු පිළුණු වීමට ලක්වූ ආහාරයක ඇති කොටස් ශරීරයට උරා ගැනීමය. මේවා විෂ සහිතය. එම විෂ සහිත කොටස් සන්ධි අතරට ගමන් කළවිට එම සන්ධිවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයි. ඒවායේ ඇති කාටිලේජ හානිවීමට බලපෑම් ඇති වේ. මෙලෙස කාටිලේජ හානිවීමට පත්වූ විට සන්ධි ක්‍රියාකරන විට දැඩි වේදනාවක් හටගනී. සන්ධිවලින් ටකස් ගානා ශබ්දයක් ඇතිවන්නේ මෙවැනි අවස්ථාවලදීය.

ආතරයිටීස් සඳහා ඇති ප්‍රතිකාර

ආතරයිටීස් රෝගය සුව කිරීම සඳහා දේශීය වෛi ප්‍රතිකාර තුළ ඖෂධ ඇත. එනිසා එය යටපත් කිරීමක් හෝ පාලනය කිරීමක් නොව සම්පූර්ණ සුවයක් ඇති කිරීම කළ හැකිය. මේ සඳහා අපගේ වෙද පරපුරට අනුව ඖෂධ වර්ග රැසක් සකස් කර ඇත. විශේෂයෙන්ම රස ඖෂධ භාවිත කර සකස් කළ ඖෂධ ඇතුළුව චූර්ණ වර්ග, ගුලිවර්ග, තෙල් වර්ග, ආලේපන වර්ග ආදී ඖෂධ භාවිත කරමින් රෝගය සුවපත් කරනු ලැබේ.

මෙහිදී ප්‍රථමයෙන් සිදුකරනු ලබන්නේ රෝගියාගේ සිරුර පිරිසිදු කිරීමට ලක් කිරීමයි. මෙම පිරිසිදු කිරීමේදී සන්ධිවල පවතින විෂ සහිත කොටස් ඉවත්කරනු ලබනවා. මෙහිදී ඇතැම් දෙනා පවසන්නේ වේදනාවක් නොමැති සන්ධිවලත් වේදනාවක් හටගෙන ඇති බවත් එනිසා රෝගය වැඩිවී ඇති බවකි. ඇත්තෙන්ම මෙහිදී සිදුව ඇත්තේ ඉදිරියේදී රෝගය හට ගැනීමේ අවදානමක් පැවති සන්ධිවල පැවති විෂ කොටස්ද ඉවත්කිරීමය. මෙලෙස මුළු සිරුරම පිරිසිදු කර රෝගියාට ලබාදෙන ඖෂධ වර්ග මගින් රෝගය නිට්ටාවටම සුවපත් කළ හැකිය. ඒ සඳහා ඖෂධ වර්ග කිහිපයක්ම පානය කළ යුතු වෙනවා. වට්ටෝරු කිහිපයකට සකස් කළ ඖෂධ වර්ග කිහිපයක්ම නිසි ලෙස පානය මගින් මාස 04ක් වැඩි කාලයක් තුළදී ආතරයිටීස් රෝගය සුවපත් කළ හැකියි.

ආහාර පාලනය

සන්ධි රෝග සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා අතරේදී ආහාර පාලනය ද ඉතා වැදගත්ය. මෙම රෝගය ශීතට වැඩි වන බැවින් ශීත ආහාර ගැනීම අගණය. විශේෂයෙන්ම බණ්ඩක්කා ආහාරයට ගැනීම අගුණය. මෙය ශීත ගුණයෙන් යුත් ආහාරයෙකි. ඇඹුල් කෙසෙල්, ආනමාලු, පැණි කොමඩු ආදී ආහාර ශීත කළ පාන වර්ග අහිත කරය.

සිරුරේ විෂ නැති කරන මුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්නා, එළබටු, කොහිල අල සුදුලූණු දම්පාටට හුරු එළවළු ආහාරයට ගැනීම ගුණ දායකය.

මෙහිදී මුරුංගා ආහාරයට ගැනීමේදී එහි මදය පමණක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් නැත. මුරුංගා වල ගුණය ඇත්තේ එහි පොත්තේය. එනිසා පොත්ත හොඳින් හපා එම සාරයද ආහාරයට ගත යුතුය.

නිතර මුරුංගා කොළ මැල්ලුම් ආහාරයට ගැනීම ගුණදායකය. ආහාර ගැනීමෙන් පසු උණුවතුර පානය කළ යුතුය. එසේම සුදුලූණු තම්බා ගත් ජලය පානයද ගුණදායකය. කොහිල, කරපිංචා, පොලොස් කැඳ ආහාරයට ගැනීම කළ හැකිය.

උදෑසනට ගොටුකොළ සහ කෝමාරිකා යුෂ මිරිකා පානය කිරීමද ගුණදායකය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0778985757 ඇමැතිය හැකිය.

ආතරයිටීස් සුවයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග,
රස වෛද්‍ය ආචාර්ය වෛද්‍ය වජිරජීව සරත් කුමාර
ජීව බල වෙදමැඳුර අංක 46/2/4,නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත

advertistmentadvertistment
advertistmentadvertistment