ආත්ම කාරක ග්‍රහයා ඔබේ ජීවිතය පාලනය කරයි ද?

944

ජ්‍යොතිෂය නම් වූ මෙම අද්විතීය ශාස්ත්‍රය තුළින් ඔබ උපන් මොහොත අරබයා ගොඩනගනු ලබන ජන්ම පත්‍රය තුළින් ඔබේ ජීවිතයේ පාලනය බාරගත් සුවිශේෂි ග්‍රහයකු පිළිබඳ අපට හඳුන්වා දිය හැකිය. ඒ අපේ ජීවිතය පාලනය කරන ආත්ම කාරක ග්‍රහයායි. එසේ නම් අපේ ජීවිතය පාලනය කරන මේ ආත්ම කාරක ග්‍රහයා යනු කවරෙක්ද? එම ප්‍රධාන ග්‍රහයා පිළිබඳ මෙම ලිපිය තුළින් කරුණු රැසක් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමි. ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අයිති ග්‍රහයා වෙයි. එසේ නම් ඔබ උපන්නේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්න 12 න් ඔබ කිනම් ලග්නයකින් උපන්නත් ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා බව ඔබ වටහා ගත යුතුය. එසේ නම් අප මේ කතාකරන ආත්මකාරක ග්‍රහයා යනු ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා වේ.

මෙම ආත්මකාරක ග්‍රහයා මොනයම් ග්‍රහයෙක් වුවත් එම ග්‍රහයා ඔබේ ජන්ම පත්‍රයේ භාව 12 න් ඔබේ කේන්දරයේ මොනයම් රාශි භාවයක තැන්පත් වී සිටියත් ඔබ උපන් තැන සිට ඔබේ මරණය දක්වා වූ ඔබ ජීවත් වෙන තාක්කල් ඔබේ දිවි පෙවෙත නැතහොත් ජීවිතය ඔහුගේ පාලනයට නතු වනු ඇත. ආත්මකාරක ග්‍රහයා උත්පත්තියේ පිහිටි ග්‍රහ බල දුබලතා මත පාලනය වෙන අයුරු මෙතැන් සිට සලකා බලමු.

රාශි චක්‍රයේ මුල්ම ලග්නය වන මේෂ ලග්නයෙන් ඉපදුණ අයෙකුට ලග්නාධිපති කුජ ග්‍රහයා වෙයි. මෙම ග්‍රහයා උපතේ බලවත්ව සිටි අය එම මේෂ ලග්නයෙන්ම ඉපදී කුජ ලග්න ගතව සිටීද, ඔහු තරබාරු මහත දේහ ලක්ෂණයකින් හෙබි නිර්භීත සටන්කාමී එඩිතර අයෙක් වන අතර ආත්ම ශක්තියෙන් බලවත්, තම උත්සාහය මුළු ජීවිතය පුරා විසිරි පැතිරි පවතින අයෙක් වන අතර කාටවත් යටත් නොවන තම උත්සාහයෙන් දියුණුව උදා කර ගන්නා අයෙකි.

දෙවන ලග්නය වන වෘෂභ ලග්න හිමියාට ශූක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා ලග්නාධිපති වේ. සිකුරු ලග්නයේ සිට වෘෂභ ලග්නයේ නම් කලාව ප්‍රිය කරන අයෙක් වන අතර මනා රූප ස්වභාවයකින් හෙබි ඇත්ත කතා කරන අනුකම්පාව කරුණාව ඇති පරිත්‍යාගශීලී අයෙක් වෙන අතර සිකුරු උපතේ බලවත්ව පිහිටියේ නම් කලා අංශවලින් තම ජීවිතයේ වෘත්තීය ලාභ වශයෙන් තෝරාගෙන කරන, කාටවත් කරදර නොමැතිව ජීවත් වන අයෙක් වන අතර ලග්නාධිපති ග්‍රහයාගේ බලය අනුව පෙරපින මෙලොව පින සිකුරු විසින් පාලනය කරමින් වෘෂභ ලග්න හිමියාගේ දිවි පෙවෙත තුළ හොඳ නරක සිකුරු උපතේ බලවත් වූ ආකාරය මත වෘෂභ ලග්න හිමියාව පාලනය කරනු ලබයි.

ලග්නාධිපති වූ බුධ මිථුන ලග්නයේ බලවත් වූ අය බුද්ධිය නිසා ධනය සොයන තම බුද්ධියෙන් දියුණුව ලබන අය වේ. ලග්නාධිපති බුධ වන විට බුධ ලග්නාධිපති වශයෙන් බලවත් වුණි නම් මිථුන ලග්නය හිමි තරමක උසෙහි හැටියට මහත ඇති මිථුන ලග්න හිමි අයගේ ලග්න ගතව ලග්නාධිපති බුධ සිටිමින් ගුරු සඳු සිකුරු කේන්දරේ බලවත් වුණි නම් ඔහු උගත්කමින් අග තැන්පත් උසස් මානව දයාව හිමි අයෙක් වන අතර තැනට සුදුසු නුවණ ද ඇති අයෙකි.

සඳු ලග්නාධිපති වෙමින් කටක ලග්නය හිමි අයට ලග්නගතව ගුරු සමග සඳු ලග්නයේ සිටී ද එයද කටක ලග්න හිමි අයට ජන්ම පතේ පිහිටි අනිටු පාපග්‍රහ බල විගසින් නසා ශුභ ප්‍රතිඵල කටක ලග්න හිමියාට උදාකරන ග්‍රහ බලයක් වන අතර මෙම යෝගය කටක ලග්න හිමියන්ට බහුශ්‍රැත පඬිවරයෙක් වීමට වාසනාව දෙමින් ඔහු හෝ ඇය සිත දියුණු කෙරූ අනුන්ට උදව් කරන අයෙක් වන අතර අවංක ගති ඇති ස්ථීර අදහස් ඇති හොඳ ආත්ම සංයමයක් ඇති අයෙක් වන අතර සඳු ලග්නාධිපති වෙමින් උපතේ බලවත් නම් උත්සාහයෙන් දියුණුව ලබන දුකට ඔරොත්තු දෙන ගතියක් ද ඇති අයෙකි.

රවි අධිපති සිංහ ලග්නයෙන් උපන් අයට ලග්නාධිපති රවි ග්‍රහයා වන අතර ඔහු බලවත්ව උපතේ දී ලග්නයේ සිටිමින් ගුරු සිකුරු බුධ කුජ යන ග්‍රහයන් උපතේ බලවත්ව ඇද්ද ඔහු හෝ ඇය ලොව මවිත වන වැඩ කරන කාගේවත් අදහස් පිළිනොගන්නා සටන්කාමී බලයක් හිමි වයස 35 න් පසුව තම උත්සාහය තුළින් ජීවිතේ දියුණුව ලබන රාජ්‍ය පාලනය පළාත් පාලන අංශවල ඉහළ රැකියා කරන අයෙක් වන අතර කාටවත් යටත් නොවන අවංක නීතියට වැඩ කරන ප්‍රසිද්ධ අයෙක් වෙයි. ආගිය තැන නායකත්වය ලැබේ.

කන්‍යා ලග්නයෙන් උපදින අයට ලග්නාධිපති බුධ වේ. බුධ බලවත්ව උපතේ ලග්න ගතව හෝ බුධ මිථුන රාශියේ සිටී ද ඔහු ලේඛන කලාව ගණිත මිනිත අංශ කලා නිර්මාණ ලොවට මවන අයෙක් වන අතර ලැබෙන ධනයේ ප්‍රමාණය බලා වියදම් කරන අයෙක් වේ.

තුලා ලග්නයෙන් ඉපදී ලග්නාධිපති වෙමින් සිකුරු ලග්නගතව සඳු සමග සිටීද රසාලිප්ත බලයක් හිමි ගතිගුණ ඇති සුරූපී කලාවට ප්‍රියභාවය දක්වන අයෙක් වන අතර කලාවෙන් ජීවිතය රස ගුලාවක් කරගන්නා සුරූපී අය විවාහයට ලැබෙන විනෝදමත් ජීවිතයක් ගත කරන අය වෙති. එසේ වෙන්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා බලවත් වූ විටය.

වෘශ්චික ලග්නයට ලග්නාධිපති කුජ හෙවත් අඟහරු වෙන අතර, මෙම කුජ ලග්නගතව බලවත් වුණි නම් වෘශ්චික ලග්නයෙන් උපත ලබා ඇති ඔබ මුළු පළාතටම නායකයෙක් සේ වැඩ කරන අයෙක් වන අතර වැඩි හරියක් ඉංජිනේරු, කාර්මික, විද්‍යා අංශ, නීතිවේදී අංශ, ආරක්ෂක අංශ, නියෝජනය කරන අයෙක් වේ. තවද එසේ සිදුවන්නේ කුජ උපතේ බලවත්ව ලග්නයේ 6 වැන්නේ මෙම රාශියේ සිටියොත් පමණි.

රාශි චක්‍රයේ 9 වන ලග්නය වන ධනු ලග්නයෙන් උපත ලැබූ ඔබගේ ආත්ම කාරක ග්‍රහයා හෙවත් ලග්නාධිපතියා වන්නේ බ්‍රහස්පති හෙවත් ගුරුය. ගුරු ලග්න ගත වෙමින් ගුරු බුධ සමග සංයෝග වේ ද ඔහු හෝ ඇය දැනුමින් උසස් අයෙක් වේ. එසේ සිදුවන්නේ ගුරු ග්‍රහයා බුධ සමග ලග්නගතව ධනු රාශියේ සිටියොත් පමණි. ධනු ලග්න හිමියා නීතියට වැඩ කරන සටන්කාමී බලයක් ඇති අවංක පිනට ලැදි අයෙකි. එසේ වන්නේ ගුරු බලවත් වූවොත් පමණි.

සෙනසුරුට හෙවත් ශනි ට අයත් ලග්නයක් වන මකර ලග්නයෙන් උපදින අයට ලග්නාධිපතියා වන්නේ දුකට අධිපති සෙනසුරු ග්‍රහයා ය. එනිසා ලග්නයේ හෝ 2 වැන්නේ සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයා ලෙසින් බලවත් වෙමින් මකර, කුම්භ යන රාශිවල සිටී නම් සෙනසුරුගේ නිසර්ග ගතිගුණ ජන්මියා තුළින් විද්‍යමාන වන කරුණු රැසක් උදාවනු ඇත. දුක හඳුනන ගතිය, ආත්ම සංයමය, කිසි කෙනෙකුට කරදරයක් නොදී තමාගේ වැඩ පාඩුවේ තමන් විසින්ම කිරීම දුක්විඳ කුසට අහරක් හරියට නැතුව ජීවිතය පුරාම දුක්විඳ සටන්කර තම දියුණුවේ විමුක්තිය සොයා ගන්නා අය මකර ලග්න හිමි අයය. එය එසේ සිදු වන්නේ ලග්නාධිපති ශනි ග්‍රහයා බලවත්ව ජන්ම පතේ පිහිටියොත් පමණි.

එසේම කුම්භ ලග්නයද සෙනසුරු විසින් නියෝජනය කරන විට සෙනසුරු සමග ගුරු බුධ කුජ වැනි ග්‍රහයන් ග්‍රහ සංයෝග මගින් යෝග වී බලවත් වෙමින් අන්තර් ගත වුණිද ඔහු මුළු ජීවිතය පුරාම පවතින අනුකම්පාව කරුණාව අනුන්ට උපකාර කිරීම තුළ තම මුළු දිවිය පුරාම ඇප කැප වී වැඩ කරන දුකට ඔරොත්තු දෙන ශක්තියක් හිමි අයෙක් වන අතර ආගම දහම ගිලනුන්ට උපස්ථාන කරන ආරෝග්‍ය ශාලාවල සිටින දොස්තර මහතුන් හෙදියන් සාත්තු සේවිකා සේවකයන් වැඩි හරියක් කුම්භ, මීන, කටක, තුලා, ලග්න හිමියෝ වෙති.

මෙම ලග්නවලින් උපදින අයගේ ජන්ම පත්වල කුජ බුධ ශනි ගුරු යන ග්‍රහයන් උපතේ බලවත් වීමෙන් එය සිදුවේ.

රාශි චක්‍රයේ අවසන් රාශිය වන මීන ලග්නය හිමි අයට ලග්නාධිපති ග්‍රහයා වන්නේ ගුරුය. ගුරු ග්‍රහයා මීන රාශියේ සිටින වේලාවක සිකුරුද එම රාශියේ උච්ච බලයෙන් සිටී නම් සුරූපී දෑහිතකාමී කලාවට ප්‍රිය අනුකම්පාව කරුණාව පරෝපකාරයට කැපවූ අයෙක් වීම ගුරු ලග්නාධිපතිගේ බලය අනුව සිදුවේ.

ලග්න 12 හේ ලග්නාධිපති ග්‍රහයින්ගේ බල දුබලතා මත ලග්න 12 න් උපදින අයට ශුභ අශුභ ජීවිත උදාවට ගෙන දෙමින් මෙම ලග්න 12 න් උපදින අයගේ ජීවිත දිවිපෙවෙත මෙලෙස ලග්නාධිපතියන් වූ ග්‍රහයන් විසින් හොඳ හෝ නරක පැත්තෙන් පාලනය කරන අයුරු අපට දැක ගත හැකිය. ලග්නාධිපති ග්‍රහයන් ශුභ අශුභ උදා කරන ග්‍රහයන් සමග සංයෝග ග්‍රහයෝග යෙදී ඇති අයුරු අනුව උදාවෙන ශුභ අශුභත් ඒ අනුව තමාට හිමි දිවි පෙවත මරණය තෙක්ම ලග්නාධිපති ග්‍රහයා පාලනය කරන අයුරුත් මෙයින් අපට මනාව අවබෝධ කර ගත හැකිය.

ඒ අනුව ආත්මකාරක ග්‍රහයා හෙවත් ලග්නාධිපති ග්‍රහයාට සහයෝගය කැන්දමින් 1-5-9 ත්‍රිකෝණ අධිපති ග්‍රහයින් 1-4-10 අධිපති ග්‍රහයන්ද උපතේ බලවත්ව යෙදී ඇත්නම් ලග්නාධිපති වන ග්‍රහයාගේ බලය දෙගුණ තෙගුණ වෙමින් මිනිසාට හරි වැටහීම, පිං පව් දෙක, ලෝකයේ පැවැත්ම, ලෝක ස්වභාවය, ජීවත් විය යුතු ආකාරය, සමාජ මට්ටම, නානා ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීම, රට ජාතිය ආගම් ගැන උතුරා යන හද ගැස්ම දෙමව්පියන්ට, දරුවන්ට, ගුරුවරුන්ට, සහෝදරයන්ට ප්‍රේමවන්ත ආදර භාවය, ඉෂ්ට දේවතාවුන් පිදීම දැහැමි වූ දිවි පෙවෙතක් මරණය දක්වා ගෙවීම පවට බිය ගතිය ජීවිතයේ යථාර්ථ වූ සත්‍ය දුක්ඛ, සත්‍ය සමුදය, සත්‍ය නිරෝධ මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය වැනි බුදු දහමෙහි එන චතුරාර්ය සත්‍ය පිළිගනිමින් ලග්නාධිපති 1-4-7-10 1-5-9 අධිපති ග්‍රහයන් බලවත් වූ අය ජීවිතේ දිවි ගෙවමින් අල්පේච්ඡ ජීවිතය තුළින් දුක නැති කර සතර මාර්ග ඵල ලබා බුදුන් දෙසූ නිවන් මග අවබෝධ කර ගන්නා අය වීම ජෝතීර් විද්‍යාවට අනුව ඔබට රහසක් නොවනු ඇත. කේන්දරයක් බැලීමේදී ලග්නාධිපති ග්‍රහයාගේ බලයද 1-4-7-10-8 1-5-9 අධිපති යන ග්‍රහයන්ගේ බලයද මැනවින් ජෝතීර්විද්‍යාවට අනුව පරීක්ෂණ කළොත් ලග්නාධිපති ග්‍රහයාගේ බලය කිනම් ක්‍රමයකට ක්‍රියාත්මක වේද යන්න අපට වටහා ගත හැකිය.

ඉහත සඳහන් කරුණු කාරණා අනුව ඔබත් ඔබේ ආත්මකාරක ග්‍රහයා හෙවත් ලග්නාධිපති ග්‍රහයා නිවැරදිව හඳුනාගැනීම තුළින් ඔබේ ජන්ම පත්‍රයේ බල දුබලතා මනාව අවබෝධ කර ගත හැකිය.

ආත්ම කාරක ග්‍රහයා ඔබේ ජීවිතය පාලනය කරයි ද?

බණ්ඩාරගම,
සම්පත් එස්. කල්පගේ
ජ්‍යොතිෂවේදී, “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය. නො. 49/ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම. දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment