ආදරණීය අරගලයේ අපි

244

මේ ආදරණීය අරගලයකි’ එය ආදරය බෙදන තැනකි’ එය වඩාත් සංවේදී කාරණයක් බවට පත්වෙන්නේ” මෙරට සුවහසක් කලාකරුවන් ගේ සහභාගිත්වය ඊට ලැබුණු තැන සිටය’ ඔවුහු සිය වෘත්තීය දිවිය අමතක කර දැමුවෝය’ ඔවුහු සිය නිර්මාණ දිවිය රටේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කැප කළෝය’ එතෙකුදු නොනැවතී ගාලුමුවදොර අරගල බිමෙහි නොනිදා රැය පහන් කළෝය’ අවු – වැසි” පීඩා නොතැකුවෝය’ බැරියර් –  කඳුළු ගෑස්” අනේක විධ පීඩා සියල්ල ඉවසා දරා සිටියෝය’

ආදරණීය අරගලයේ අපි

ඒ අලුත් රටක් වෙනුවෙනි’ යහපත් හෙටක් වෙනුවෙනි’ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනි’ එවැනි පොළොවක සිය නිර්මාණකරණයට ලැබෙන අගය වටිනාකම වත්මනට වඩා වැඩි බව ඔවුහු විශ්වාස කළෝය’ කැමරාව ඉදිරියේ සොබමාන රුවක් අරගල භූමියේදී අප දුටුවේ දහඩියෙන් පෙඟී ගත්” කෙහෙරැලි විසුරුණු පසුබිමකය’ ඇක්ෂන් – කට් ලෙසින් රංගන ශිල්පීන්ට විධාන දුන් අධ්‍යක්‍ෂවරු උස් හඬින් සටන් පාඨ කියනු දැකිය හැකි විය’ මධුර ස්වරයෙන් ගී ගැයූවන්ගේ හඬ ගොරහැඬි සටන් පාඨවලට අමුතු පණක් ලබාදී තිබිණි’ පෝස්ටර හැඩවී තිබුණේ නෙත් පිනවූ සිතුවම් ඇඳි සුරතිනි’

ආදරණීය අරගලයේ අපි

ඒ සා කැපවීමක් කළ ඔවුනගේ ඡායාරූපවලින් හැඩ නොවුණු මීවිතක් කුමටද?

ආදරණීය අරගලයේ අපි

● උදේශ

ඡායා – අන්තර්ජාලයෙනි

ආදරණීය අරගලයේ අපි
ආදරණීය අරගලයේ අපි
ආදරණීය අරගලයේ අපි
ආදරණීය අරගලයේ අපි
advertistmentadvertistment
advertistmentadvertistment