ආදරණීය ජැක්සන් : ඇහැරලා බලන්න මිත්‍ර සමාගමයේ ආදරය

693

ජැක්සන් ඇන්තනි නම් වූ මහා කලාකරුවා පිළිබඳ මේ වන විට ලාංකීය සමාජයේ, විශේෂයෙන්ම Face Book ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයේ පළවන බොහෝ පෝස්ටු හා වෙනත් සටහන් ඔහුගේ කුටුම්භය, දූ පුතුන් පිළිබඳ අතිශය සංවේදී හා වෛරීසහගත අරමුණින් යුත් පුවත් ලෙස දකිමි. පසුගිය දිනෙක චිත්‍රපට රූගත කිරීමකට ගොස් සිටිය දී මුහුණ දුන් අනපේක්ෂිත අනතුරකින් පසුව ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිහිසුන්ව සිටින කලා ලොව දැවන්තයා පිළිබඳව ඔහු විසින් කලකට පෙර කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක එල්ලී ඔහු සතු සියලු ප්‍රතිභාන්විත නිර්මාණාත්මක කලා භාවිතාවන් අගය කිරීමෙන් වැළැකී දියත් කොට ඇති හුදු දේශපාලනය මුල්කොට ගෙන මුදාහැර ඇති විරෝධය කොතරම් දුරට සාධාරණ ද යන්න විමසීම වටී. ඉතා කෙටියෙන් හැඳින්වුව හොත් ජැක්සන් ඇන්තනී විසින් රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මහාවංශය හා බුද්ධ චරිතය නැවත ලියූ බව පැවසීම නිවැරදි ය. ඔහු එබඳු ප්‍රකාශ කිරීමට පෙර මොහොතක් හෝ ඒවායේ අනිටු ප්‍රථිඵල පිළිබඳ සිතූ බවක් නොපෙනේ. එමගින් ඔහු විවිධාකාරයේ ප්‍රතිලාභ එවකට සිටි පාලකයනගෙන් ලද බව ද කියැවේ.

2019 ජනාධිපතිවරණයට පෙර පාලන 2015 දක්වා වූ රාජපක්ෂ රෙජීමයේ හුරතලකු බවට පත් වී සිටිය ද 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් වී සිටි බව දනිමු. පසුගිය අරගල සමයේ ඔහු විසින් කරන ලද විවෘත ප්‍රකාශයකින් ද ඒ බව කියැ වී තිබිණ. එනයින් සලකන කල්හි 2019 දී ජනාධිපතිවරයා ජය ගත් හැටනව ලක්ෂයක ඡන්ද සංඛ්‍යාව වෙනුවෙන් ඔහුගේ දුටුගැමුණු පරපුර හා බුද්ධ චරිතය අදාළ පුවත්වලින් ඡන්දදායකයන් ට කළ බලපෑමක් වී ද යන්න විවාදාත්මක ය. හැටනව ලක්ෂ බහුතරයට අයත් ඡන්දදායකයන් නියෝජනය කළ බහුතර රාජ්‍ය සේවකයන්ගේ මනාපය එවකට පැවති රජයට එරෙහිව නැඟුණේ ඔවුන්ගේ දුර්දාන්ත පාලනය (මහ බැංකු හොරකම, පාස්කු ප්‍රහාරය නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ ඇති වූ අනාරක්ෂිතභාවය හා ජනාධිපති අගමැති ගැටුම) හේතු කොට ගෙන නිසා මිස ජැක්සන් ඇන්තනි වැන්නකුගේ කතා නිසා නොවන බව සිහියේ තබාගත යුතු ය. කෙසේ වුවත් අවසාන මොහොතේ අරගලයට එක් නොවූවත්, තමන් විසින් පෙර දා කළ කී දේ පිළිබඳව පසුතැවීමකින් කතා කළ ද ඔහුගේ විරුද්ධවාදීන් එවැනි පාපොච්ඡාරණයකින් පමණක් ජැක්සන් ව නිදොස් කිරීමට අකමැති වූ බව නොවෙද අද දවසේ අධික ලෙස ගිලන් ව සිටිනා ඔහුට එරෙහිව මේ දිනවල නැඟෙන විරෝධය පිළිබිඹු කරන්නේ? එහෙත් ඒ වෛරී ප්‍රකාශ කරන පිරිස් හි සුජාතභාවය පිළිබඳ දහසකුත් එකක් ගැටලු ඇති බව කිව යුතුම ය. කාමයෙහි වරදවා හැසිරුණාය යන වරදට දඬුවම් පැමිණවීමට රැගෙන ගිය ස්ත්‍රියට වරදක් නොකළ කවරෙකු හෝ විසින් පළමු ගල ගහන්නැයි කී කල කිසිවකුත් ඉදිරිපත් නොවුණා සේ ජැක්සන්ට එරෙහි ව අවි ගත්තවුන් බොහෝ දෙනාගේ රෙද්දෙ තුත්තිරි ඇති බව නම් කිව මනා ය. ජැක්සන්ගේ ප්‍රකාශවල එල්ලී ගිලන් වූ චරිතයකින් මෙලෙස පළි ගැනීමට තරම් අමානුෂික වූ පිරිස් කිනම් සිංහල බෞද්ධ සංස්කෘතියක් නියෝජනය කරන්නේ ද යන්න සිතා බැලිය යුතු වේ.

ජැක්සන් ඇන්තනි ගේ හදිසි රෝගී තත්ත්වය අසා කම්පාවට පත් වී ඔහුට නීරෝගි සුවය පතන දහසක් දෙනා අතරෙහි FaceBook නමැති මාධ්‍යය ගණිකා වෘත්තියෙහි යොදා ගනිමින් ජීවතුන් අතර සිටිනා විශිෂ්ටයකු ගේ අවමඟුල වෙනුවෙන් ශෝක ප්‍රකාශ ලියන මිත්‍ර සමාජ පිළිබඳ අපට ඇත්තේ දැඩි කෝපයක් නොව අනුකම්පාවකි. FaceBook මාධ්‍ය විසින් මෙලෙස ජීවතුන් අතර සිටින කලාකරුවන් සඳහා ශෝක ප්‍රකාශ ලිවීම පුරුද්දක් කොට ගත් බව පෙනේ. එම නරුමයන් විසින් ඉන් කුමන ලාභයක් බලාපොරොත්තු වන්නේ ද යන්න අපට නොවැටහේ. මෑත කාලයේ දී මෙලෙස ත්‍ඊ සමාජ විසින් ජීවත්ව සිටිය දී පරලොව යැවූ කලාකරුවන් අතර ජයලත් මනෝරත්න, ජයලාල් රෝහණ ආදීන් වූ බව මතක ය. අද ද ජීවතුන් අතර සිටින අමරසිරි කලංසූරිය වැනි චරිතයක් කොපමණ වතාවක් පරලොව යැව්වා ද යන්න ත්‍ඊ මිතුරු සමාගම් හොඳින් දනී. මෙම මුග්ධයන් පළමු අවමඟුල් දැන්වීම් ප්‍රචාරයෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න දන්නේ දෙවියන් පමණි‘ ඉතා සීමිත පිරිසක් මේ නිර්ලජ්ජී අමනෝඥ ව්‍යාපාරය සඳහා ත්‍ඊ මාධ්‍යය භාවිත කළ ද එමගින් ම කම්පාවට පත් වූ බව සංවේදී පෝස්ටු මගින් තම බිත්තිවල ලියන ආදරණීයයන් බහුතරයකගේ සුව ප්‍රාර්ථනා ආගමික වතාවත් සංවිධානය, ජැක්සන්ගේ අසමසම කලා කෞශල්‍යය කෙතරම් විශාල පරාසයක විහිදී පැතිරී ගොස් ඇද්ද යන්නට මනා සාක්ෂි සපයයි. ජැක්සන් හා අප අතර මිත්‍ර සන්ථවය දශක කිහිපයක් ම පැරණි වුවත් ඔහු හා මා අතර රූපවාහිනි නාට්‍ය, චිත්‍රපට විනිශ්චය කාර්යයන්හි දී විරසක වූ අවස්ථා බොහෝ ය. ඇතැම් අවස්ථාවක ඔහු පුවත්පත් සාකච්ඡාවක දී මා නම් කරමින්ම චෝදනා කළ අවස්ථා ද මට මතක ය. සිග්නීස් සම්මන රාත්‍රියක දී මුඛ්‍ය දේශනය කරමින් මා දැරූ අදහසක් දැඩි විවේචනයට ලක් කරමින් ඔහු සහභාගි වූ ඇතැම් ටෙලි නිර්මාණයකට සම්මාන නොලැබීමේ හේතුව මගේ ඉතිහාස කතා විරෝධය බව ජැක්සන් විසින් ප්‍රසිද්ධියේ පැවසූයේ රයිගම් ටෙලි සමාන උලෙළේ දී සී රජ සඳහා සම්මාන නොලද කල්හි ය.

2018 වසරෙහි දීම රාජ්‍ය ටෙලිනාට්‍ය උලෙළෙහි දී ද සී රජට සම්මාන නොලද කල්හි පැවසූයේ ‘මගේ පරම්පරාවෙ මිත්‍රයන් දැන් විනිශ්චය සභාවලට පැමිණ තිබීම’ ඔහුට සම්මාන නොලැබීමට හේතුව බවය. එවර විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ ඔහුගේ මිතුරන් වූයේ මහාචාර්ය ආරියරත්න ඇතුගල, රවීන්ද්‍ර ගුරුගේ හා ජයනාත් ගුණවර්ධන ආදීන් බවයි මගේ මතකය. ජැක්සන් විසින් වරදවා ගත් මගේ ඉතිහාස කතාව වූයේ මෙයයි. මා ඉතා පහැදිලිව ම පැවසූයේ ඉතිහාස කතා හෝ ආගමික කතා නව නිර්මාණ සඳහා තෝරාගන්නේ නම් ඉන් නව අරුථක් පළ විය යුතු බවයි. එසේ නොවන්නේ නම් මහාවංශය හෝ බුද්ධ චරිතය කියවා ඉතිහාස හෝ ආගමික කතාව කියවීමට හැකි බවයි. ජැක්සන් නම් සුන්දර මිත්‍රයා හා අප අතර මිත්‍රත්වය එවැනි මතභේදයකින් කිසිදින පලුදු නොවූ බවට සාක්ෂි බොහෝ ය. මවිසින් ලියන ලද එදවස සොඳුරුමය තීරුව සඳහා ජැක්සන් පිළිබඳ ලියූ තීරු රැසකි. ටෙලි බලි මැද පළිඟු මැණික, හරිස්චන්ද්‍ර ධර්ම යුද්ධයක (2017) මාලිනී න්‍යාය කියා දුන් ජැකා (2018) චිත්‍රපටයක පූර්ව ප්‍රචාරය ජැකාගෙන් ඉගෙන ගන්න (සරසවිය – එකගෙයි සොකරි පිළිබඳ සටහන) ඉන් කිහිපයකි. ඔහුත් මමත් අතර කුමන විරසක වූවත් මගේ එදවස සොඳුරුමය කෘතියේ සිව්වන කාණ්ඩය ජනගත කිරීමේ මුඛ්‍ය දේශනය මවිසින් පවරන ලද්දේ ජැකාට ය. ශ්‍රී ලංකා පදනමේ දී පැවති උත්සවයේ දී ඔහු විසින් මා හඳුන්වන ලද්දේ සංස්කෘතික රස්තියාදුකාරයෙක් ලෙස ය. බොබ් මාලේ වැන්නවුන් වර්තමාන සමාජයෙන් අනාගතයට එළිදක්වන මූලාශ්‍රය ලෙස මගේ තීරු ද එක හුස්මට කියවිය හැකි බව නිර්ලෝභී ව ඔහු පැවසීය. ජැකාගේ විනාඩි 36.02 ක දේශනය Utube නළයේ ඇත්තේ බුද්ධදාස සංස්කෘතික රස්තියාදුකාරයෙක් – ජැක්සන් ඇන්තනි ඔප්පු කරයි යනුවෙනි.

ජැක්සන් ඇන්තනි මිතුරා ගේ අකල් අවාසනාවන්ත සිදුවීම පිළිබඳ නොයෙක් පෝස්ටු FB බිත්තිවල එල්ලෙද්දී ජූලි 29 දා මගේ බිත්තියේ එල්ලුණු පොස්ටුව මෙසේ ය.

“ජැක්සන්ලා දෙදෙනකු ද නැත – මගේ ලෝකයේ සරච්චන්ද්‍රලා සේකරලා දෙදෙනෙක් නැත. එලෙසම මනෝරත්නලා හෝ ජැක්සන්ලා දෙදෙනකු ද නැත. පෙරදා ලෙසින් අප වෙත එන්න මිතුර, මේ ලිපිය ලියන අගෝස්තු 01 දා සවස 19.00 පැයට ඉහත පෝස්ටුවට කැමති පිරිස 485 කි. ඒ පිළිබඳ අදහස් දැක් වූ සංඛ්‍යාව 100 කි. පොස්ටුව බෙදා හදා ගත් පිරිස 81 කි. ප්‍රතිචාර දැක්වූ බහුතරයකගේ අදහස් ඔස්සේ ජැක්සන් ඇන්තනි නම් අසාමාන්‍ය නිර්මාණකරුවා පිළිබඳ ඔවුන්ගේ ළෙන්ගතු ආදරය පළ කොට තිබුණේ මෙලෙස ය. රත්නා කෝනාර යෙහෙළිය පවසන්නී ‘ඒක ඇත්ත. ඉක්මනින්ම සුව වී ඔබේ නානාවිධ දස්කම් පෑමට එනු මැනවි. එෆ්.බී. හි ජනප්‍රිය චරිතයක් වන ලලිතා සොයිසා ජයවර්ධන මිතුරිය ජැක්සන්ට ආදරය පළ කොට තිබුණේ මෙසේ ය. ‘මේ සියලුම උතුම් දක්ෂ මනුෂ්‍යයන්ව මතක් කළාට ඇගයූවාට ඔබ තුමාට බොහොම පින්’ චරිතා ප්‍රියදර්ශිනී පීරිස් ඇගේ ආදරය මෙසේ පවසන්නී ය. ‘බුද්ධි අයියේ ඔයගේ ඒ කියමන හරියටම හරි. ජක්සන් අයියා ඉක්මනට සනීප වෙලා අප අතරට එන්න. වසන්ත කුමාර කොබවක ගී සංකල්පනා මිතුරාගේ ආදරය මෙසේ ය. ‘ඔබගේ වදන් දුටුවම සතුටක් දැනුනා, ලයික්ස් දානවට වඩා මොනතරම් මනරම්ද? නාලක ස්වර්ණතිලක නිර්මාණකරුවා තම ආදරය මෙසේ සටහන් කොට තිබිණ. ‘ඒ ගැඹුර මීට වඩා මතුපිටින් කියන්න බෑ බුද්ධි අයියේ. මගේ පුතාට අද උදේ මං පොඩි දේවල් ටිකක් කියා දුන්නා. වීඩියෝ ක්ලිප්ස් කීපයක් පෙන්නුවා. මගේ ඇස් බොඳවෙලා. පුතා අහනවා ජැක්සන් අංකල්ට ආයෙ ඒ වගේ දේවල් කරන්න බැරිද? මට එයාව බලන්න යන්න ඕන…. මම නිරුත්තරයි අපි නිරුත්තරයි. ඔබ පෙර ලෙස දකිනු රිසියෙන් සිටින්නෝ සෙත් පතන්නෝ බොහෝ ය. දඩබ්බර කලාකරුවාණනි අපි විශ්වාසයෙන් ඔබ දෙස බලා සිටින්නෙමු. ‘ඉනෝකා ඩී. කුමරප්පෙරුම මිතුරිය ද ඇගේ ආදරය මෙසේ පළ කොට සිටින්නී ය. ‘ඔහුට අප සැම කරන පින් එකතු වී ඉක්මන් සුවයම ළඟා වේවා, ඔහු තරම් අපේ හදවතේ ගැඹුරට දේවල් කියා දුන් කෙනෙක් නැහැ. ඔබ හරි බුද්ධි අයියේ ජැක්සන් අයියා මනෝ අයියා මහාචාර්ය සරච්චන්ද්‍ර අපේ කාලයේ වීරයෝ. අදටත් අපේ හදවතේ වීරයෝ. නිදුකින් නිරෝගීව නැවත ඔහුගේ ජවය බුද්ධිමත්ව තොරතුරු කියාදෙන කටහඬේ භාවමය භාවය අපට පෙන්වන්නට හැකිවේවා… තම ආදරය කවියකට එක් කරන අනුර බී. සෙනෙවිරත්න ගේ ආදරය මේ කවියෙහි වේ.

ආදරණීය ජැක්සන් : ඇහැරලා බලන්න මිත්‍ර සමාගමයේ ආදරය

ජැක්සන්ගේ රංගනයෙන් වශීකෘත වූ ජයන්ත විජේරත්න ප්‍රේක්ෂකයාගේ ආදරය බලන්න. ‘සියලු රංගනයන් අභිබවමින් මට ඔහු තරුණ පදුම කුමරුන් සේ අබිමුව වේ’ එවන් රංගනයක් අප කොහේ නම් දුටුවෙද? ජැකා සියලු ආශීර්වාදය ඔහුට හිමි වේවා සුවපත් වී එනතෙක් ඔබේ ආදරණීයයන් ගින්දරින්.. ධනීෂා නයනිකා අමරසිංහ ඇගේ ආදරය සේකරගෙ තුංමං හංදියෙන් උදෘත කොට දක්වනව. ‘සහතික ඇත්ත, ලෝකෙ ගුරුවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, ඒත්. ලියනාඩෝ ඩාවින්චිලා මයිකල් ආන්ජලෝලා ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි. එහෙම අය පහළ වෙන්නෙ කලාතුරකින්. සේකරගෙ තුංමංහන්දිය පොතෙන්. අරුණ බටුගෙදර ජක්සන්ට ආදරය දක්වන්නේ ඔහුගෙ දේශපාලනය පසෙක තබමින්. ජැක්සන් ඇන්තනි කලාකරුවාට ඉක්මන් සුව පතන්නට ඕන. දේශපාලනය නිසා වෛර කරන්නට බැහැ. එහෙම නම් අපි ලංකාවේ බොහෝ කලාකරුවන්ට වෛර කරන්නට ඕන. ඇති ඵලය මොකක් ද? බුද්ධි ගලප්පත්ති කියනවා වාගේ ජැක්සන්ලා ඉන්නේ එක්කෙනයි ‘ජැක්සන්ගේ නිර්මාණ රැසක සහකාරිය වන දිනූෂා රාජපතිරණගේ සටහනත් සංවේදියි’ ජූලි 29 දා ඈ මගේ පෝස්ටුව යළි බෙදා ගන්නවා ශීර්ෂයක් සහිතව. ඈ පවසන්නෙ මෙහෙමයි. ‘ගුරු ජැක්සන් ඇන්තනි සුවපත් කරනා බුද්ධිමය මිත්‍රත්වයේ ගැඹුර. ඇගේ ශීර්ෂයයි. ජැක්සන්ට ආදරය කරන පිරිස අති විශාලයි. චන්දන වික්‍රමසිංහ, නෙත්මි පබසරා හේවගේ, ගොඩගේ දොන් විල්ෆ්‍රඩ් අමරවංශ, සොනලි ෆැනෑන්ඩු, මල්ලිකා චාන්දනී

ගීගනගේ, නදීරා දේශානි, භාග්‍යා සමීර ජයසේකර, නිමල් අරුණ වීරසේකර, සුගලා පාතේගම, ශානි විල්ලාරච්චි, මැල්කම් මචාඩෝ, ගයනි දික්කුඹුර වන්නිනායක, අජන්තා අගලකඩ, ඉනෝකා සමරසේකර, ගයාන් මුණසිංහ, පද්මා ප්‍රියදර්ශිනී, නිහාල් වික්‍රම එදිරිසූරිය, නිහාල් කඳනාරච්චි, සමරසිරි ධර්මප්‍රිය, තිලානි කොඹල ලියනගේ, ෂර්මිලා මනතුංග ලොකුගේ, ෆෙනිනා ඔන්ඩච්චි, ගංගා සුභාෂිණී, දර්ශනී රොඩි්‍රගො, මලිති ගුණවර්ධන, ෂිරෝමි පීරිස්, සමන් ලෙනින්, ජයතිලක පරණමාන, විනීතා කරුණාරත්න, විකුම්සිරි මුණසිංහ, නිලන්ත රත්නායක, සුසිල් සුරවීර අනුර ජයවර්ධන, රංජිත් ඉද්දමල්ගොඩ, සංජය කුමාර ජයලත්, අශෝක වීරසිංහ, ධනීෂා නයනිකා අමරසිංහ, තනුජා ජයවර්ධන, නයනාංජලී දෙහිපිටිය, ශාන්ති හේරත්, කුසල් අමරසේකර, නවරත්න පටබැඳිගේ, චන්දිම ජයමිණි, එස් ජේ ජයසංඛ, සුගත් සෝමවීර, සුමිත් වික්‍රමාරච්චි, ප්‍රියංවදා පීරිස්, බුද්ධි විතානාරච්චි, ඩිල්ෂාන් තරංග ගුණසේකර, රමණී මංගලිකා පෙරේරා, කුමාර හෙට්ටිආරච්චි, සුනේත්‍රා කුමාරි, සමන්තා අත්තනායක, ෂිරන්ත ප්‍රේමවර්ධන, පුබුදු කරුණාසිංහ, මොහමඩ් හවුස් මින්හාන්, අරුණ බටුගෙදර, ගයාන් අබේසිංහ, ජයනාත් ප්‍රනෑන්ඩු, වජිරා වික්‍රමසූරිය, ගංගා වණිගරත්න, ප්‍රසන්න ප්‍රියංකරගේ, නිලක්ෂි අරුණෝදි, සමන් කුමාර අමදකෝන්, සංජීවනී දහනායක, අජිත් පතිරගේ, ශානිත ගුණසේකර, කෝසල දිවුල්පිටිය, ගයාන් රාජපක්ෂ, සනෝජා බණ්ඩාර, සංජීවනී කුමාරිහාමි, ශ්‍රී ලාල් ඩයස්, නන්දන නාපාවල හා තවත් විශාල මිත්‍ර සමාගමක ආදරය ජැක්සන්ට.

ශ්‍රී ලාංකේය නාට්‍ය, චිත්‍රපට හා ටෙලිනාට්‍ය සම්මාන උළෙල සියල්ලෙහි දී ම ජැක්සන් තරම් සම්මාන දිනා ඇති විශිෂ්ටයකු පිළිබඳ මගේ මතකයට එන්නේ නැත. රංගනය මතු නොව තිර රචනය, අධ්‍යක්ෂණය ආදී සියලු අංශ තුළ ජැක්සන් තරම් සම්මාන දිනූවෙක් පිළිබඳ මම නොදනිමි. ඔහුට මේ සා විශාල රසික ප්‍රජාවකගේ ආදරය හිමි වී ඇත්තේ ඔහු නිර්ව්‍යාජ ප්‍රතිභාන්විත කලාකරුවා බැවිනි. මේ සටහන නිමා කිරීමට අරුණ ලොකුලියන සහෘදයාගේ මෙම උදෘතය ඉතාම උචිත යැයි මට සිතිණ. Facebook හි ජූලි 30 ඔහුගේ සටහන. “ඉතිං කඩුල්ලෙ කුරුතේරිස්ගේ චරිතෙ විතරක් ම වුණත් ජැක්සන් ඇන්තනි කියන මහා රංගවේදියාගේ ඉසියුම් ප්‍රතිභාව ගැන කියවෙන විශාල පරිච්ඡේදයක්. ඒත් ජැක්සන් ඇන්තනි කියන්නෙ ලියලා ඉවර නැති පොතක්. ඒ ඉතිරි පරිච්ඡේද ලියන්න ඔහු නැඟී සිටිය යුතුමයි. ඒ පොතේ අග කොච්චර රසවත් ඇත්ද? සුඛී දීඝායු! මහා රංගවේදියාණනි, ඉක්මනින් සුවපත් වෙන්න. අපි බලන් ඉන්නවා.

බුද්ධදාස ගලප්පත්ති
bgalaps@admin

ආදරණීය ජැක්සන් : ඇහැරලා බලන්න මිත්‍ර සමාගමයේ ආදරය

advertistmentadvertistment
advertistmentadvertistment