‘ආදරණීය ප්‍රාර්ථනා’ දෑස් අබිමුවට…

511

නවක නළු නිළි කණ්ඩායමක් , නවක තාක්ෂණික කණ්ඩායමක්, නවක සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නවක නිෂ්පාදකවරයෙකු පෙරටු කරගෙන තම කුළුඳුල් සිනමා වෘත්තාන්තය යෞවනත්වයට පිදෙන තිලිණයක් ලෙසින් “ආදරණීය ප්‍රාර්ථනා” නමින් ප්‍රේක්ෂක දෑස සමීපයට රැගෙන එනු ලබන්නේ වාසල බදුගේ විසිනි.

“ආදරණිය ප්‍රාර්ථනා” රංගනයෙන් හැඩ කරන්නේ , ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොෂෙල් රොජස්, රාහුල් රිශික, නිමේෂ් වෙරංග, මිහිරංගි හෙට්ටිආරච්චි, පවිත්‍රා වන්නිආරච්චි, චන්දන එල්. රාජරත්න, අනෝමා වික්‍රමාරච්චි, ක්‍රිශාන්ත මෙන්ඩිස්, ඩෙනෝවන් අරුණාසලම්, තිලිණි ලියනාරච්චි, යුරන්දි ද සොයිසා, යශෝදා මැදගෙදර, අයේෂ් පෙරේරා, ප්‍රියංකා ප්‍රියදර්ශනී, ගයාත්‍රී රාසින්ගොල්ල, මිල්ටන් සෙබස්තියන්, දිල්හාන් රයන්, හරින්දි ද සොයිසා, හේමන්ත රත්නසේන ඇතුළු පිරිස විසිනි. කතා සංකල්පය, කැමරා අධ්‍යක්ෂණය, ශබ්ද පරිපාලනය, දෘෂ්‍ය ප්‍රයෝග අධීක්ෂණය, 5.1 ශබ්ද මිශ්‍රණය, සංස්කරණය වර්ණ සංයෝජනය සහ අධ්‍යක්ෂණය වාසව බදුගේ විසිනි.

'ආදරණීය ප්‍රාර්ථනා' දෑස් අබිමුවට...

නිෂ්පාදනය ඉෂාන්ත විතානගේ, යසස් මැදගෙදර සහ වාසව බදුගේ විසින් සිදු කර ඇති අතර, තිර රචනය මලිඳු ගජදීර, රංගනාත් වීරසිංහ සහ වාසව බදුගේ, සහය අධ්‍යක්ෂණය ධනුෂ්ක එන්. පෙරේරා, සමගින් ඉෂාර මධුමාල්, චරිත් බ්‍රයන්, චවුල උදයංග, සංස්කරණ සහය සඳරුවන් පෙරේරා, අංග රචනය හර්ෂ මාධව සමගින් වාසනා නවරත්න සහ සමිත ඩයස්, කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය යෂී සිල්වා, නැටුම් අධ්‍යක්ෂණය, නිෂ්පාදන සැලසුම හා සම්භන්ධීකරණය හරින්දී ද සොයිසා, නිෂ්පාදන කළමනාකරණය නිරෝෂන් වෙලගෙදර, නිෂ්චල ඡායාරූප විරාජ් ප්‍රනාන්දු, පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සහ ගී තනු නිර්මාණය යසස් මැදගෙදර, ගීත ප්‍රබන්ධනය ශෙහාන් ගලහිටියාව, සජිත් අක්මීමණ සහ අයෝද්‍ය ප්‍රනාන්දු ද ගීත ගායනයෙන් භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, යසස් මැදගෙදර, සුපුන් පෙරේරා, ශානිකා මධුමාලි, යශෝධා මැදගෙදර දායක වී ඇත. ආදරණිය ප්‍රාර්ථනා ෆෝටි සෙවන් ඉදිරිපත් කිරීමකි.

'ආදරණීය ප්‍රාර්ථනා' දෑස් අබිමුවට...

සටහන – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

'ආදරණීය ප්‍රාර්ථනා' දෑස් අබිමුවට...
advertistmentadvertistment
advertistmentadvertistment