ආදරයෙන්  පැරදුණ වාර  එමටයි – බැන්දට පස්සෙ ආයෙ තනිවෙන්න බෑ

539

මේ ෂූට් එකේ කිසිම වැරැද්දක් නෑ…
සෝෂල් මීඩියා කැළඹූ ඡායාරූප පෙළ ගැන ශෙහානි කතා කරයි…


මේ දවස්වල හැමෝම කතාබහ කරන රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. ඒකට හේතුව වුණේ ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් සමාජ ජාලවල සංසරණය වීමයි. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශෙහානි මේ ඡායාරූප රූගත කිරීම් කරලා තියෙන්නේ සාමාන්‍ය ඡායාරුපගත කිරීමකට.

කොහොම වුණත් සාමාන්‍යයෙන් ලංකාවේ රංගන ශිල්පිනියක් මේ විදිහට දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසා හැමෝම මේ ඡායාරූප ගැන වැඩිපුර කතාබහ කළා. ඉතින් අපි ශෙහානිව කතාබහකට එකතු කර ගත්තා” ඇය මොනවද මේ ඡායාරූප ගැන කියන්නෙ කියල දැනගන්න.

ආදරයෙන්  පැරදුණ වාර  එමටයි - බැන්දට පස්සෙ ආයෙ තනිවෙන්න බෑ

● මොකද මේ වැඩිපුර පේන්න නැත්තේ?
රටේ ඇති වුණු ප්‍රශ්නත් එක්ක අපි කරගෙන ආපු වැඩත් නතර වුණා. දැන් ආයෙමත් ලබන මාසෙ ඉඳලා ආරම්භ කරන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී බලමු ඉතින්.

● ශෙහානිගේ ෆොටෝ ෂූට් හරි ජනප්‍රියයි නේද?
සතුටුයි හොඳයි. මම කරන දේ ප්‍රේක්ෂකයෝ භාරගන්නවානම් නේ අපි කැමැති.

● ඔබේ ෆොටෝ ෂූට් එකක් සමාජ ජාල කැළඹුවා නේද?
මම ඇත්තටම හිතුවේ නෑ” ඒ ෂුට් එක මිනිස්සු එච්චර වැළඳ ගනීවි කියලා. එහෙම ලොකුවට සැලැස්මක් ඇතිව නෙමෙයි ඒක කළේ. හදිසියේ දවස් දෙකක් ඇතුළත තමයි ඔය ෂූට් එක කළේ. ෂූට් එක කරද්දි හිතුවෙ නෑ” මේ තරම් කතාබහට ලක්වෙයි කියලා. වෙනසක් කරන්න හිතාගෙන තමයි කළේ. ලංකාවෙ කවුරුත් එහෙම කරන්නෙ නැහැනේ.

● ඇයි ඒ වගේ ෂූට් එකක් කළේ?
මේක ලංකාවෙ කරල නැති කන්සෙප්ට් එකක්. අනික ඡායාරූපවලින් තමන්ගේ ලස්සන පෙන්වන්න පුළුවන්.

● රැෆෙල්ල මොකද ෂුට් එක ගැන කිව්වේ?
එයා මටත් වඩා සර්ප්‍රයිස්. එයාටත් ගොඩක් ආසයි. ලංකාවේ නිළියෝ මේ වගේ ෂූට් කරලා නෑ. ගොඩක් අය බයයි මිනිසුන්ගේ වචනවලට. මම නම් සුබවාදී දේවල් තමයි භාර ගන්නේ. අපි හැම පැත්තම බැලන්ස් කරගෙන යන්න ඕනෑ.

ආදරයෙන්  පැරදුණ වාර  එමටයි - බැන්දට පස්සෙ ආයෙ තනිවෙන්න බෑ

● බය හිතුනේ නැතිද මිනිස්සු දාන කමෙන්ට්වලට?
නැහැ. මම පොඩ්ඩක්වත් බය නෑ.

● සමාජ මාධ්‍යවල මේ ගැන කියපු දේවල් ගැන මොකද හිතන්නේ?
මම වැරැද්දක් කරන්නේ නෑ. මම කළේ සාමාන්‍ය ෆොටෝ ෂූට් එකක් විතරයි. සාමාන්‍යයෙන් මනුස්සයකුට ඒක කලාත්මක විදිහට බලන්න පුළුවන් ලස්සන ෆොටෝ ෂූට් එකක් විතරයි. කිසිම බයක් වෙන්න දෙයක් වුණේ නෑ.

● අපේ රටේ සමාජ මාධ්‍ය ගැන මොකද හිතන්නේ?
අපේ ලංකාව හරි පුංචි රටක්. මිනිස්සු ගොඩක් දේවල් දකින්නේ නෑ. අපිට ගොඩක් දේවල්වලට පහසුකම් නෑ. දැන් දැන් සමාජ මාධ්‍යවලට ලොකු ඉඩක් වෙන්වෙලා තියෙනවා.

● සමාජ මාධ්‍යවලට බය ද?
අයියෝ නෑ. මම දන්නවා මම කවදාවත් වැරදි දෙයක් කරන්නේ නෑ කියලා. මම හොඳ දේ තමයි කරන්නේ. කවදාවත් මම මගේ නමට හානියක් වෙන දේවල් කරන්නේ නෑ. මම මෙතෙක් මගේ නමට කළු පැල්ලමක් ඇතිවන දෙයක් කරලත් නෑ. ඔය ෆොටෝ ෂූට් එකේ කිසිම වැරද්දක් නෑ.

● එළිදක්වනවා කිව්ව ගීතයට මොකද වුණේ.
ඒක පෙබරවාරි මාසයේ තමයි එළිදක්වන්න හිතාගෙන හිටියේ. නමුත් ඒ සියල්ල කල්ගියා රටේ ඇති වුණු මේ ප්‍රශ්න එක්ක. සින්දුවක් එළිදක්වන්න වාතාවරණයක් රටේ තිබුණෙ නැහැනේ.

● දැන්ම විවාහය ගැන හිතන්නේ නැතිද?
මම හිතනවා තව චුට්ටක් කල් හිටියා නම් හොඳයි කියලා. හැබැයි විවාහයක් ගැනත් හිතන්න ඕනෑ. මොකද බැන්දට පස්සෙ ආයෙ තනි වෙන්න බෑ.

● හොරෙන්ම ආදරය කරනවා නේද?
හොරෙන්ම පෙම් කරන්නේ කාටද? මම ඒක ගැන ඉදිරියට කියන්නම්

ආදරයෙන්  පැරදුණ වාර  එමටයි - බැන්දට පස්සෙ ආයෙ තනිවෙන්න බෑ

● දැනට රහසක් ද?
නැහැ. මට එහෙම කවුරුත් නැහැ. මම තවම තනිකඩයි.

● ආදරය ගැන මොකද හිතන්නේ
හරි සුන්දරයි. ආදරයට විශ්වාසය තියෙන්නම ඕනෑ. ආදරයට ගෞරව කරන්න ඕනෑ. අනික ආදරයට ආදරය කරන්නත් ඕනෑ.

● ආදරයෙන් පැරදුණු අවස්ථා තියෙනවද?
ආදරයෙන් පැරදුණු  අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වෙලාවට ජීවිතය ගැන කලකිරිලත් තියෙනවා. මේක තමයි අවසානය කියලත් හිතිල තියෙනවා.

ඒවා ගැන මම කවදාවත් පසුතැවෙන්නේ නෑ. මම කාත් එක්කවත් තරහ නෑ. ඒගොල්ලො මාත් එක්කත් තරහ නෑ. හොඳ යාළුවො විදිහට ඉන්නවා.

● බිඳී ගිය ආදරය ගැන පසුතැවෙන්නේ නැතිද?
ඒ වෙලාවට පසුතැවෙනවා. නමුත් ඉතින් යන කෙනා යනවා ඉන්න කෙනා ඉන්නවා. මැරෙන මොහොතේ හරි අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. මම කාවත් ලොකුවට බලෙන් තියාගෙන පස්සෙන් පන්න පන්න යන කෙනෙක් නෙමෙයි. යනකොට මම යන්න දෙනවා.

* ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිවලට මුහුණ දීල තියෙනවද?
අපොයි ඔව් තියෙනවා තියෙනවා ඕනෑ තරම් තියෙනවා. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. මම එච්චර ඇඟට ගන්නේ නෑ. මම අනවශ්‍ය ප්‍රශ්න ඔළුවෙ දාගන්නෙ නෑ. මම මගේ පාඩුවේ ඉන්නේ.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment