ආදරවන්තියන් අද අමතන වැලන්ටයින් දිනය ආව හැටි හා හෙට

427




කතෝලික සමයට අනුව ලොව වැඩිහිටියන් අතර ජනප‍්‍රියම සාන්තුවරයා සාන්ත අන්තෝනි මුනින්ද්‍රයාණන් වහන්සේ බව කියනු ලැබේ. ලොව පුරා සිටින තරුණ ප‍්‍රජාව අතර වැඩියෙන්ම ජනප‍්‍රිය සාන්තුවරයා ශුද්ධ වූ වැලන්ටයින් තුමාය. සෑම අවුරුද්දකම අද වැනි පෙබරවාරි 14 වැනිදාවක උන්වහන්සේ සමරනු ලැබේ. කතෝලික ආගම වෙනුවෙන් මුලින්ම දිවිපි¥ බැතිමතුන් අතර ප‍්‍රමුඛ තැනක් වැලන්ටයින් සාන්තුවරයාට හිමිවේ. ආලය පදනම් කරගත් සෑම කතෝලික උත්සවයකදීම වැලන්ටයින් සාන්තුවරයාට ප‍්‍රධානත්වයක් ලැබේ. අදවන විට පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දිනය ලෙස ලොව පුරා තරුණ පරපුර සමරනු ලබන්නේ කිසිදු ආගම් භේදයකින් තොරවය. ඉස්ලාමීය ප‍්‍රජාව පමණක් වැලන්ටයින් සාන්තුවරයා පැත්තකින් තැබීමට පරිස්සම් වෙති. ඒ හැරුණුවිට පෙර අපර දෙදිග සියලූ ආගම් තුළ වැලන්ටයින් සාන්තුවරයාට සුවිශේෂ තැනක් ලැබේ.
කි‍්‍රස්තුස් වහන්සේගේ අභාවය සිදුවන කාලයේ ශුද්ධවූ රෝම අධිරාජ්‍ය තුළ කි‍්‍රස්තියානි ආගමට කිසිදු තැනක් තිබුණේ නැත. ඒ වනවිට රෝම අධිරාජ්‍යවාසී ජනතාව ගස් ගල් සහ මල පෙරේතයන් අදහමින් බෙහෙවින් ප‍්‍රාථමික ආගමික ජීවිත ගත කළහ.

ඒ අතර කි‍්‍රස්තියානි ආගම ක‍්‍රමයෙන් හිස ඔසවනු දුටු රෝම අධිරාජ්‍යයා දුටුතැන ඔවුන් මරන්නට විය. කිතුදහම රහසේ අදහා හෝ කිතුනුවන් ලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ රෝමන්වරුන් තමන් කිතුනුවන් නොවන බව ප‍්‍රතික්‍ෂේප කළ විට රෝම අධිරාජ්‍යයා ඉතාම අමානුෂික වැඩක් කළේය. මෙය ඡුෑඍීෑක්‍ඹඔෂධභ ලෙස හ`දුන්වනු ලැබේ. මෙය ශ‍්‍රී ලංකාවේ පැවැති ඉපැරණි දිවිරීමේ ක‍්‍රමයට සමානය. කෙනෙක් සොරකමක් පිළිබඳ සැකපිට අත්අඩංගුවට පත්වූ පසු ඔහු සොරෙක්ද නැත්ද යන්න සොයාගැනීම පිණිස උතුරන තෙල් තාච්චියකට අත ඔබන ලෙස අණකරනු ලැබේ. රජතුමාගේ තීරණයට අනුව උතුරන තෙල් තාච්චියට අත දමන තැනැත්තා සොරෙක් නම් අත පිළිස්සේ. සොරකු නොවන්නේ නම් අත පිළිස්සෙන්නේ නැත. උතුරට තෙල් තාච්චියකට අත දමන විට හොරකම් කළා වේවා හොරකම් නොකළා වේවා අත පිළිස්සීම ස්ථිරය. මේ නිසා නිවැරදිකරුවන්ද සොරුන් ලෙස හ`දුනාගෙන තවදුරටත් දඬුවම් කරනු ලැබේ. මේ ආකාරයෙන් රෝමන්වරුන් කතෝලික දහම අදහන්නේද යන්න සොයාබැලීමට රෝම අධිරාජ්‍යයා වැඩපිළිවෙළක් යොදා තිබිණ. ඒ අනුව සැකකරු කණුවක බැ`ද තෙල් වත්කොට සිරුරට ගිනිතබනු ලැබේ. ඔහු පිළිස්සුනොත් කතෝලිකයෙකි. පිළිස්සුණේ නැතිනම් කතෝලිකයකු නොව රෝම රජතුමාගේ සාම්ප‍්‍රදායික ආගම අදහන්නෙකි. මේ පරීක්‍ෂණයේ ඉහළම අවස්ථාව සැකකරු බඩගින්නේ සිටින සිංහකූඩුවක් ඇතුළට දැමීමය. එවිට සැකකරු කතෝලිකයකු නොවන්නේ නම් සිංහයන් ඔහු මරා නොකන බව රජු කල්පනා කළේය. එය බඩගිනි සිංහයන් සිටින කූඩුවකට ලී කැබැල්ලක් දැමුවද හප කරනු ලැබේ. මේ කියන පරීක්‍ෂණ ක‍්‍රමයට අනුව කතෝලිකයන් වුණත් නොවුණත් මරණය හිමිවී කතෝලිකයන් ලෙස හංවඩුවක් වැදීම නියත විය. අප මේ කතාකරන්නේ මෙයට අවුරුදු එක්දහස් හත්සිය ගණනකට පෙර තිබූ කි‍්‍ර.ව. 300 පැවැති ලෝකය ගැනය. මේ කතෝලිකයන් බේරාගැනීම ස`දහා වැලන්ටයින් නමැති තරුණ පූජකයා විශාල මෙහෙවරක් ඉටුකළේය.
තරුණ පූජක වැලන්ටයින්ට ප‍්‍රාතිහාර්යය සිදුකළ හැකි බව ප‍්‍රකට වී තිබිණ. වරක් වැලන්ටයින් පූජකවරයා හිරේ දමනු ලැබ සිටියේය. මේ හිරගෙදර භාර ජේලර්ගේ දියණිය අ`ද දැරියකි. දිනක් ජේලර් පියා සමඟ අ`ද දියණිය

සිරගෙදරට ආ වෙලාවේදී වැලන්ටයින්තුමා ඇගේ අ`ද භාවය නැති කළේය. මේ දියණිය නව යෞවණියකි. හිරගෙදර සිටි වැලන්ටයින් පූජකවරයා මරන්නට නියම විය. එහිදී ජේලර්ගේ දියණියට ලියුමක් ලියූ වැලන්ටයින් පූජකවරයා එය අවසන් කරන්නේ මෙසේය. ‘‘මා ඔබේ වැලන්ටයින්’’

වැලන්ටයින් සාන්තුවරයා පිළිබ`දව තවත් කතාවක් තිබේ. එකල කිතු දහම අදහන සොල්දාදුවන්ට විවාහ වීම තහනම්ය. වැලන්ටයින් සාන්තුවරයා පෙමින් වෙලී සිටින සොල්දාදුවන් සියලූම දෙනා විවාහ කරවූ බව දැනගන්නට තිබේ. සාන්තුවරයා සැමරීමට පටන්ගන්නේ ඔහුගේ මරණයෙන් අවුරුදු 196 කට පෙර ජෙලාසියස් නමැති පාප්වරයකු විසිනි. ඉන්පසු ඉතා ක‍්‍රමානුකූල ලෙස වැලන්ටයින් සාන්තුවරයා පිළිබ`ද කතන්දරය සහ ඔහුගේ මරණය සිදුවූ දිනය පෙම්වතුන්ගේ කතන්දරයක් බවටත් පෙම්වතුන් ස්වකීය පේ‍්‍රමය සමරන දිනයක් බවටත් පත්විය.

අද වනවිට වැලන්ටයින් දිනය සාන්තුවරයකුට සම්බන්ධ දිනයක් බව වැඩිදෙනා නොදනිති. ඔවුන් කල්පනා කරන්නේ මෙය පේ‍්‍රමයේ දවසට යොදන නම බවය. අද මෙය ඩොලර් බිලියන තිහ හතළිහක වැලන්ටයින් බඩු භාණ්ඩ ලොව පුරා විකිණෙන ව්‍යාපාරික දිනයකි. රටවල් වැඩිහරියක් ආගම් භේද නොසලකා මේ දිනය ප‍්‍රවර්ධනය කර ගාණක් කපා ගනිති. අද දවස තුළ ලංකාවේ හැම තරු පහේ හෝටලයකම වැලන්ටයින් දිනය සමරන ඩිනර් ඩාන්ස්, ටී පාර්ටි, වැලන්ටයින් ලන්ච් යනාදිය පැවැත්වේ. මේ දිනවල ඇතැම් තරුපහේ හෝටලයක විකිණෙන වැලන්ටයින් කොක්ටේල් වීදුරුවක මිල රුපියල් තුන්දහස් පන්සියයකි. ලෝකයේ වැඩියෙන්ම රෝස මල් විකිණෙන්නේ වැලන්ටයින් දිනයේදීය. කොරෝනාවෙන් වසර දෙකකට පසු ලංකාව ස්වකීය වැලන්ටයින් දිනය අද සමරනු ලැබේ. වැලන්ටයින් සාන්තුවරයා මානව හිතවාදියකු බවත් පෙම්වතුන් වෙනුවෙන් අප‍්‍රමාණ මෙහෙයක් කළ මිනිසකු බවත් මේ සැමරුම්වලට සහභාගි වන වැඩිදෙනා දන්නේ නැත. මේ දිනය අද ? දොළහෙන් අවසන්ය. එය සැමරීම සඳහා විකුණනු පිණිස සාදන ලද මල් පොකුරු, චොක්ලට්, අනුස්මරණ ඵලක, ස්වර්ණාභරණ වැනි දේවල් මේ මාසය පුරාම විකුණනු ලැබේ. එම බඩු තවදුරටත් ඉතිරි වුවහොත් පශ්චාත් වැලන්ටයින් මාසය ලෙස ඊළඟ මාසය නම්කර ඉතුරු බඩු ටික
විකුණාගැනීමට පුළුවන.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment