ආදරේ දොර අඟුළු දැම්මා

320

අජේවර්ධන් ප්‍රවර්ධනයට ගිය රශීපබා
කෙටි පාරවල් අතහැරලා අමාරු පාර තෝරගත්තා

පසුගිය දවස්වල රශීපබා ඉන්දියාවට ගියා කියලා අපිට ආරංචි වුණා. හැබැයි ඒ මොකකටද කියලා නම් දැනගන්න ලැබුණේ නැහැ. අන්තිමේ අපිට ආරංචි වුණා ඇය ගියේ රංගන වැඩකටයුත්තකට කියලා. දැන් ආපහු ඇය ලංකාවට ඇවිත් ඉන්නවා. ඇත්තටම රශීපබා ඉන්දියාවේ ගිහිල්ලා රඟපෑවේ මොන වගේ නිර්මාණයකද කියලා දැනගන්න අපි ඇයට කතා කළා.

මේ දවස්වල ලොකු වැඩකට අතගහලා කියලා ආරංචියි?

ඔව් “අජේවර්ධන්” කියන ඉන්දියානු චිත්‍රපටයේ ප්‍රචාරණ ගීතය සඳහා රංගන දායකත්වය ලබා දෙන්න මම පසුගිය දිනවල ඉන්දියාවට ගියා. දුෂ්‍යන්ත් ප්‍රතාප් සිං අධ්‍යක්ෂණය කළ එහි අහම් ෂර්මාත් සමගින් තමයි මම රංගනයේ යෙදුණේ. ඉතිං එහි රූගතකිරීම් කරලා ඉක්මනටම ආපහු ලංකාවට ආවේ මම මෙහේ භාරගත්තු වැඩවලට” ෂූටින්වලට කට්ටිය බලාගෙන ඉන්න නිසයි. ආපහු ඉක්මනින්ම ඉන්දියාවට යන්න සූදානමින් තමයි ඉන්නෙ.

ආදරේ දොර අඟුළු දැම්මා

මේ වැඩේට ආරාධනා ලැබුණේ කොහොමද?

මීට අවුරුද්දකට කලින් මම ඉන්දියන් විදියට ඇඳලා හිටපු ජායාරූපයක් දැකලා තමයි මට ත්‍්ජැඉදදන එක හරහා කතා කළේ. ඊට පස්සේ අපි අවුරුද්දක් විතර කාලයක් සාකච්ඡා මට්ටමක ඉඳලා පසුව එයාලා ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තමයි මම ඉන්දියාවට ගියේ. ඇත්තටම මේ වැඩේ නෙවෙයි අපි කරන්න ඉන්නේ. වෙනත් වැඩක්. මේ චිත්‍රපටය ඉක්මනින්ම තිරගත වෙන්න තියෙන නිසා ඉක්මනින්ම මාව නිර්මාණයකට සම්බන්ධකර ගන්න ඕනෑ කියලා තමයි මට මේකට ආරාධනා කළේ.

ඒ අවස්ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම කවදාවත් අවස්ථා සොයාගෙන ගිහිල්ලා නැහැ. ගොඩක් අය එහෙම අවස්ථා සොයාගෙන යද්දී මාව සොයාගෙන

අවස්ථාවක් ආවා කියන්නෙ මට ඇත්තටම හරිම සතුටුයි. එකපාර ඒ වගේ තැනකට යන්න හරි අමාරුයි. අනෙක එයාලා මාව ලංකාවේ රංගන ශිල්පිනියක් විදියට තමයි පිළිගත්තේ. ඉන්දියාවේ මාධ්‍යත් එක්ක සම්මුඛ සාකච්ජා තිබුණා සහ එරට පුවත්පත්වල ලිපි පළවුණා. මාව ඉතා ඉහළින් පිළිඅරගෙන මට හොඳින් සැලකුවා. මගේ ජීවිතේට වටිනා සහ වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. ඉතිං මට හිතෙන්නෙ මම හරිම වාසනාවන්තයි කියලා.

ආදරේ දොර අඟුළු දැම්මා

ලංකාවෙන් ලැබුණ ප්‍රතිචාර ගැනත් කතා කළොත් ?

මම ඉන්දියාවට ගියාට පස්සෙ මාව දන්න හඳුනන කලා ලෝකයේ සහෝදර සහෝදරියන් මට සුබපැතුම් එක්කරලා තිබුණා. හැබැයි ඒක ගොඩක්ම ප්‍රසිද්ධ වුණාද කියන්න මම දන්නෙ නැහැ. මොකද ඊට වඩා ඉහළ ලැබිය යුතු ප්‍රතිචාරයක් නම් දැනට ලැබිලා නැහැ. ඒක නිසා මට ලංකාවෙන් ලැබුණ ප්‍රතිචාරය ගැන හරියටම කියන්න අමාරුයි. මෙහෙමනේ” ගොඩක් වෙලාවට අපි කරන නිර්මාණවලට වඩා ඉක්මනින් සංචරණය වෙන්නෙ සමාජ මාධ්‍ය කටකතා වගේ දේවල්. මගේ පවුලේ පෞද්ගලික ප්‍රශ්නයක් වගේ දෙයක් වුණානම් ඒක මේ වෙනකොට මුළු ලංකාවේම වගේ කතාබහට ලක්වෙයි. අපි කරන නිර්මාණයන් ගැන කතා කරනවා අඩුයි. මට විතරක් නෙවෙයි මේ දේ කාට වුණත් එහෙමයි. ඒක තමයි ස්වභාවය. ශ්‍යාම් ප්‍රනාන්දු අපේ සහෝදර කලාකරුවා මනිරත්නම් වගේ දැවැන්තයෙක්ගේ චිත්‍රපටයේ ඉන්නවා. ඒත් කවුද ඇත්තටම ඒක ගැන කතා කළේ. ඒක තමයි ඇත්තටම ලංකාවේ තත්ත්වය. අපිට ඉතිං ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

ආදරේ දොර අඟුළු දැම්මා

මේ දවස්වල මොනවාද ෂූටින් ?

මේ දවස්වල හිරු නාලිකාව ඔස්සේ විකාශනය වන “සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රූගතකිරීම් කරනවා. ඊට අමතරව තවත් චිත්‍රපටයකට රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. ඇත්තටම මම අලුත් නිර්මාණ කිසිවක් භාරගත්තේ නැහැ. ආපහු ඉක්මනින්ම ඉන්දියාවට යන්න තියෙනවා.

සිනමාවෙන් ඉදිරියට එන්න අදහසක් නැතිද?

ඉසුරු වීරසිංහමුදලි සහ චතූ පීරිස් අධ්‍යක්ෂණය කළ “නිමී” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. එය ඉතා ඉක්මනින් තිරගත වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ චිත්‍රපටය ලොකු වෙනසක් කරයි කියලා මම හිතනවා.

ආදරේ දොර අඟුළු දැම්මා

රශිපබා ආදරවන්තියක්ද?

අනේ නෑ. ආදරේට සම්පූර්ණයෙන්ම දොරවල් වහලා අගුළුදාලා තියෙන්නේ. මම ඇත්තටම ආදරේ ගැන හිතන්නේ නැහැ. ආදරේ මායාවක් විදියට තමයි මම දකින්නේ. මම දැන් ආදරේ විශ්වාස කරන්නේ නෑ.

ආදරේ දැනෙන්නේ කොහොමද?

ආදරේ කියන්නේ ආත්මාර්ථයනේ. මිනිස්සු ආදරේ කියලා කරන්නේ ආත්මාර්ථකාමීව තමන්ට අයිති කර ගැනීම විතරයි. රංගන ශිල්පිනියක් වුණාම ලොකු අවබෝධයක් තියෙන සහයෝගයක් දෙන්න පුළුවන් සහකරුවෙක්ව තමයි අවශ්‍ය. නැතුව රංගන ශිල්පිනියක් කියලා දැනගෙනත් පසුව මාසයක් විතර යද්දී සමහරු අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නීති දාලා හිරකරන්න හදනවා. ඉතිං ඊට වඩා මම මේ වෙලාවේ ලැබිලා තියෙන අවස්ථාවත් එක්ක ඒවට මහන්සිවෙලා මුල්තැන දීලා තමයි වැඩ කරන්නේ. ඔය කියන හරි කෙනා ලැබුණොත් ඉතිං බලමු නැත්නම් ජීවිත කාලෙම තනියම ඉන්න මම ලෑස්තියි.

ආදරේ දොර අඟුළු දැම්මා

රංගන ජීවිතයේ මේ ආ ගමන ගැන කතා කළොත්

රංගන ජීවිතයේ අවුරුදු දහයක ගමනක් මම මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. මම හරිම හෙමින් ආපු ගමනක් මේක. මම දැක්කා මාත් එක්කම ක්ෂේත්‍රයට ආපු අය මාව පහුකරගෙන යන හැටිත් මගෙන් පසුව රංගනයට ආපු අය මාව පහුකරගෙන යන හැටිත්. ඒවා මම බොහෝම උපේක්ෂාවෙන් සහ ඉවසීමෙන් බලාගෙන සිටියා. මම තෝරා ගත්තේ බොහෝම දිග අමාරු පාරක්. මටත් තිබුණා කෙටි පාරවල් හොයාගෙන ඉක්මනට ඉක්මනට අවුරුද්දෙන් දෙකෙන් ජනප්‍රියම නිළිය වගේ දේවල් ලබා ගන්න. නමුත් මම මගේ මහන්සියෙන්” උත්සහයෙන්” කැපවීමෙන් කාගෙන්වත් අවස්ථා ඉල්ලන්නෙ නැතුව යන ගමනක් මේ. වෘත්තීයමය වශයෙන් මට ලැබෙන ආරාධනා පමණයි මම භාරගන්නේ. එතකොට කාලය ඉක්මනට යනවා” ඒත් එහෙම ඉවසීමෙන් ඉගෙනගෙන ආපු ගමනක් නිසා තමයි අද මට ජාත්‍යන්තරයෙන් පවා අවස්ථාවන් ලැබිලා තියෙන්නේ. ඉන්දියාවේ යන කොටවත් මට කවුරුවත් උදව් කළේ නෑ. මගේම වියදමින් තමයි මම ගියේ සහ කාගෙන්වත් මම උදව් ඉල්ලුවෙත් නෑ. මම ගැහැනු ළමයෙක් විදියට තනිවම මගේ පවුලේ අයත් එක්ක මේ ආපු ගමන ගැන හරිම ආඩම්බරයි වගේම හරිම සතුටුයි.

ගෙදරින් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?

ගෙදර නැත්නම් ඇත්තටම මම අද මෙතන නැහැ. මොකද මගේ අම්මයි තාත්තයි මම පුංචි කාලේ ඉඳලම මගේ පස්සෙන් ඉන්නවා. මම නිසා එයාලා පුදුම කැප කිරීමක් කරන්නෙ. කිසිම මොහොතක මාව අතහරින්නේ නෑ. ඒ අය මාව විශ්වාස කරනවා. මමත් ඒ විශ්වාසය රකිනවා. එයාලගේ මහන්සියෙන් තමයි මම මෙච්චර දුරක් ආවේ.

  • පාරමී කෞෂිකා –
advertistmentadvertistment
advertistmentadvertistment