‘ආදරේ හිතෙනවා දැක්කම’ කොල්ලයට එරෙහිව නීති මගට යනවා… එදා මේ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් ගාමිණීට රුපියල් හතලිස්දාහක් ගෙව්වා… චිත‍්‍රපට නිෂ්පාදක නීල් රුපසිංහ

588

සයිමන් අයියයි මාර්ටින් අයියයි හොඳම යාළුවෝ දෙන්නා…’’, ‘‘ඔබට තිබෙන ආදරේ මට කියාල දෙන්න…’’, ‘‘ආදරේ හිතෙනවා දැක්කම, දෑසේ සමන් දොරෙන්…..’’ වැනි අදටත් ජනප‍්‍රිය චිත‍්‍රපට ගීත ඇතුළත් වන්නේ ‘‘ආදරේ හිතෙනවා දැක්කම’’ සිනමාපටයේය. නීල් රූපසිංහ විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයේ සිංහල සිනමාවේ සුපිරි තරු යුගලය වන ගාමිණි ෆොන්සේකා සහ මාලනි ෆොන්සේකා සමග විජය කුමාරතුංග, ඇන්තනී සී. පෙරේරා, ශ්‍යාමා අල්ගම වැනි ජනප‍්‍රිය ශිල්පීන් රැුසක් රංගනයෙන් එක්වූ අතර එය තිරගත වූයේ 1972 වසරේදීය. එදා ඉමහත් පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයක්  හිමිකරගැනීමට සමත් වූ මෙම චිත‍්‍රපටය තිරගතව වසර පනහකට පසු අපට අද දවසේදී  දැනගන්නට ලැබෙන්නේ ආදරේ හිතෙනවා දැක්කම සිනමාපටයේ හිමිකාරිත්වය සොරකම් කිරීම සම්බන්ධව නීල් රූපසිංහ විසින් නීතිය හමුවට යෑමට සූදානම්ව සිටින බවය. අපි ඒ පිළිබඳව නීල් රූපසිංහ මහතාගෙන් විමසුවෙමු.

‘ආදරේ හිතෙනවා දැක්කම’ කොල්ලයට එරෙහිව නීති මගට යනවා... එදා මේ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් ගාමිණීට රුපියල් හතලිස්දාහක් ගෙව්වා... චිත‍්‍රපට නිෂ්පාදක නීල් රුපසිංහ

ආදරේ හිතෙනවා දැක්කම චිත‍්‍රපටය සම්බන්ධයෙන් මොකක්ද මේ ඇතිවෙලා තියෙන ගැටලූව
 
ආදරේ හිතෙනවා දැක්කම චිත‍්‍රපටයේ නිෂ්පාදකගේ නම විදියට වෙනත් කෙනෙක්ගෙ නම ටයිටල් එකට දාල තියනවා කියල මට කීප දෙනෙක්ම පැමිණිලි කළා. පස්සෙ මමත් ඞීවීඞී කොපියක් අරන් බැලූවාම ඒ ආව තොරතුර ඇත්ත. නිෂ්පාදකගේ නම මගේ නම වෙනුවට වෙනත් ප‍්‍රසිද්ධ චිත‍්‍රපට නිෂ්පාදකයෙක්ගේ නමක් තියෙන්නෙ. ලෝකෙ කොහේවත් මේ වගේ වැඩ වෙන්නෙ නෑ. මම, ආදරේ හිතෙනවා දැක්කම චිත‍්‍රපටය හැදුවේ 1972 අවුරුද්දෙ. දැන් අවුරුදු 50 කට විතර කලින්. ඒක හදන්න දරපු මහන්සිය දන්නෙ මම. ඉතින් මේ මංකොල්ලයට එරෙහිව මම නඩුවක් දාන්න තීරණය කළා.


  තිස්ස  නාගොඩවිතාන මහත්මයට නේද මේ චිත‍්‍රපටයෙ අයිතියත් පවරල තියෙන්නෙ
 
 ඔව්. චිත‍්‍රපටය සංරක්ෂණය කරන්න ඕන නිසා එහි අයිතිය පැවරුවේ එතුමට. විජය චිත‍්‍රාගාරය ගිනිගත්තට පස්සෙ චිත‍්‍රපටයේ පිටපත් තියාගන්න කූල් රූම් එකක් නැතිව ගියා. ඒ නිසා චිත‍්‍රපට නිෂ්පාදකයන් හැමෝම පිටපත් ආරක්ෂා කරගැනීමට එතුමට පිටපත් භාර දුන්නා. මාත් කළේ ඒකමයි. හැබැයි අයිතිය දුන්නට වෙනත් කෙනෙකුට නිෂ්පාදන අයිතිය පවරන්න පුළුවන් අයිතියක් දීල නෑ.
 
 නීතිය හමුවට ගොස් ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද

‘ආදරේ හිතෙනවා දැක්කම’ කොල්ලයට එරෙහිව නීති මගට යනවා... එදා මේ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් ගාමිණීට රුපියල් හතලිස්දාහක් ගෙව්වා... චිත‍්‍රපට නිෂ්පාදක නීල් රුපසිංහ

මේක ජාතික වටිනාකමක් තියෙන නිර්මාණයක්නෙ. විජය, මාලනී, ගාමිණි මේ චිත‍්‍රපටයේ රඟපෑවේ. කවදා හරි මේ චිත‍්‍රපටය මගේ දරුවන් හරි බලද්දි මේක හැදුවේ නීල් රූපසිංහ කියන අයිතිය මට තියෙන්න ඕනනෙ. ඒ අයිතිය මම ගන්නවා.
 
 ඒ කාලේ මේ චිත‍්‍රපටය හදන්න කොයිතරම් මුදලක් ඔබට වැය වුණාද?
 
 ලක්ෂ අටක් විතර මම වියදම් කරා. ඒ කාලේ හැටියට ඒක විශාල මුදලක්. මගේ මතකෙ හැටියට ගාමිණීට මෙහි රංඟනය වෙනුවෙන් රුපියල් හතලිස්දාහක් විතර ගෙව්වා. මාලනීටත් පහලොස්දාහක් විතර ගෙව්වා. 72 වසරෙදි ඒ මුදලෙ වටිනාකම ඔබට හිතාගන්න පුළුවන්නෙ. මේ මුදල්වලටත් වඩා ඇත්තටම මට මෙතනදි අවශ්‍ය මේ වැරැද්ද නිවැරදි කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment