ආදායමක් නෑ – බස් සේවකයෝ අසරණයි – විසඳුම් නැත්නම් දැඩි කි‍්‍රයාමාර්ග ගන්නවා

91

– පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

බස්රථ හිමියන්ගේ සහ සේවකයන්ගේ ගැටලූවලට වගකිවයුතු බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී ඔවුන්ද දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (03 දා)
 පැවැසීය.

මේ වනවිට බස්රථ හිමිකරුවන් දොළොස්දාහක් සහ සේවකයන් පනස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් කොවිඞ් වසංගතය නිසා ආදායමක් නැතිව අසරණව සිටින බවද එම නිසා ඔවුන්ට වෙනත් ආදායම් මාර්ගයන් සොයා

ගැනීමට සිදුවී ඇති බවද ඒ මහතා කියා සිටියි.

මේ වෙද්දී බස්රථ හිමියන්, රියැදුරන් සහ සේවකයන් කර කියා ගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. සංචරණ සීමා එක්ක බස් රථ ධාවනයට සීමා පැනවීම නිසා බොහෝ දෙනෙකුට තමන්ගේ දරු පවුල නඩත්තු කරගන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. රජය විසින් ගුරුවරුන්ට දෙන්න තීරණය කළ රුපියල් පන්දහසේ දීමනාව ඔවුන්ට එපා නම් අපිට ලබා දෙන්න. රාජ්‍ය සේවකයන්ට ගෙදර හිටියත් අදටත් වැටුපෙන් කොටසක් හරි ලැබෙනවා. අපට එහෙම සහනයක් ලැබෙන්නේ නෑ. මේ ගැන බලධාරීන් අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී අපිටත් පාරට බහින්න සිද්ධ වෙනවා… ලෙසද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

ඒ නිසා අවම වශයෙන් බස්රථ සේවකයන්ට රුපියල් පන්දහසක් හා බස්රථ හිමියන්ට රුපියල් දසදහස දක්වාවත් දීමනාවක් ලබාදීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටියේ ය.

නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment