ආදායම් බදු සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

150


රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඇඟලුම් කම්හලක සාමාන්‍යධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරන හෝමාගම ප්‍රදේශයේ පදිංචි යූ එස් රණවීර නැමැත්තෙකු විසින් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.
යෝජිත පනත් කෙටුම්පත තුළින් යම් පුද්ගලයකු මාසිකව බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා අඩු කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
මේ හරහා ගෙවාගත නොහැකි වන ආකාරයේ බදු බරක් මහජනයා මත පැටවෙන බවත් ඒ තුළින් මහජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment