ආදායම බිලියන 1.25යි: මිල්කෝ සමාගම වාර්තාවක් තබයි

318

මිල්කෝ සමාගම කිරි ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවියෙන් පසුගිය අගෝස්තු මස රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව එම සමාගම සඳහන් කරයි.

මිල්කෝ ආයතනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක‍්‍රියාමාර්ග පිළිබඳව පශු සම්පත්, ගොවිපළ ප‍්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඞී. බී. හේරත් මහතා සහ මිල්කෝ ආයතන ප‍්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡුාවකදී මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

කිරි ගොවි බලමණ්ඩල 91ක් මේ වන විට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන බවත් එය ඉදිරියේදී පදනමක් බවට පත් කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම ‘කොවිඞ් වසංගතයත්’ සමගම ආනයනික කිරිපිටිවල හිගයක් දේශීයව පැවැති අතර එම හිගය මගහරවා ගැනීම සඳහා රාජ්‍ය ඇමැතිවරයාගේ මැදිහත්වීම හා උපදෙස් අනුව කටයුතු කරමින්, මිල්කෝ සමාගම මෙම වසර තුළ වැඩි වශයෙන් දියර කිරි හා කිරිපිටි නිෂ්පාදනය වැඩි කළ බවත්, ඒ අනුව මෙම වසරේ අගෝස්තු මාසයේදී සිය අලෙවියේ වාර්තා තැබීමට හැකි වූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

දැනට සිදු කරන දෛනික කිරි එකතු කිරීමේ ප‍්‍රමාණය ඉදිරියේදී දෙගුණයක් කිරීමට කඩිනමින් ගත හැකි ක‍්‍රමෝපාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment