ආදිවාසීන්ගේ ගැටලු අසන්න සජිත් දඹානේ සංචාරයක

137

“වසන්ත මුදලිගේ මගෙත් හිතවතා. දේශපාලන මති මතාන්තර දෙකක් වුණත් තරුණයකු හැටියට ඔහු හුඟක් අසාධාරණයට ඉදිරිපත් වෙන තරුණයෙක්“ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආදිවාසී නායක වන්නිලා ඇත්තන්ගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (10දා) උදෑසන මහියංගණ, දඹාන ආදිවාසී  ගම්මානයේ කළ සංචාරයේදී ආදිවාසී නායකයාට පැවසීය.

අරගලයට නායකත්වය දුන් වසන්ත මුදලිගේ ආදිවාසී ගම්මානයේ තරුණයකු නේදැයි ආදිවාසී නායකයාගෙන් විමසූ විපක්‍ෂ නායකවරයා එම තරුණයාගේ පවුලේ විස්තරද විමසා සිටියේය.

ආදිවාසී පවුල් රට තුළ ව්‍යාප්තිය පිළිබඳවද, කොපමණ ආදිවාසී පවුල් සංඛ්‍යාවක් ඒ ගම්මාන තුළ ජීවත් වනවාද යන්න විපක්‍ෂ නායකවරයා විමසූ අවස්ථාවේ රට පුරා දිස්ත්‍රික්ක 06ක ආදිවාසී ගම්මාන 62 ක ආදිවාසී පවුල් ජීවත්වන බව ආදිවාසි නායකයා කියා සිටියේය. එම ගම්මානවල ගැටලු සහ එම  ගම්මාන වෙත යෑමේ ගමනාගමන අපහසුතා පිළිබඳවත්, ආදිවාසී ජන උරුම කෞතුකාගාරය භාරයේ  තබාගැනීමට රථයක් ලබාදෙන්නේ නම් ඉතා වටිනා බවටත් එහිදී ඉල්ලීම් ඉදිරිපත් විය. ආදිවාසී නායකයාගේ ගමන් පහසුවට මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති රථයේද කාර්මික ගැටලු රැසක් ඇතැයි එහිදී අනාවරණය විය.

මෙහිදී ආදිවාසී නායකයා විසින් ආදිවාසී පවුල්වල ගැටලු සඳහන් සංදේශයක් ද විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුද සහභාගි වූහ.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment