ආදිවාසී නායකයා ඇප මුදල් ඉල්ලයි

399

පළාත් පාලන ඡන්දය කල්ගිය නිසා ඡන්ද අපේක්‍ෂකයන්ගේ ඇප මුදල් නැවත ලබාදීමටත් ක්‍රියාකළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේලාගේ වන්නිලඇත්තෝ ‘දිවයින’ට පැවසූහ.

තම ආදිවාසී අපේක්‍ෂකයන් මෙම ඡන්දයට ඉදිරිපත් කළේ ආදිවාසී ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමේ අරමුණ ඇතිව යැයි ද ආදිවාසී නායකයා කීවේය.

තමාගේ ඔස්‌ට්‍රේලියා සංචාරය සඳහා අද හෙට ම ගුවන් ටිකට් පත් ලැබේවි යැයි තමා බලාපොරොත්තුවෙන් සිටින බවද වන්නිල ඇත්තන් කීවේ ය.

වසර දහසකට වැඩි කාලයක් පැරණි ශ්‍රී ලංකා ආදිවාසීන්ගේ අස්ථී කොටස් කීපයක් ඔස්‌ට්‍රේලියාවේ කෞතුකාගාරයක පවතින නිසා ඒ පිළිබඳව කතාබහ කිරීම පිණිස ආදිවාසී නායකවරයා මෙසේ ඔස්‌ට්‍රේලියා සංචාරයකට එක්වෙනු ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment