‘ආනන්දනීය ස්වර දැහැන’ගම්පහ දී

89

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද වෛද්‍යසේකරගේ සංගීත දිවියට වසර 40ක්. ඒ වෙනුවෙන් මේ මස 14 වැනිදා සවස 6.00ට ‘ආනන්දනීය ස්වර දැහැන’ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේදී පැවැත්වෙනවා. ඉතින් අපි මේ ගැන සංගීතවේදී ආනන්ද වෛද්‍යසේකරයන්ගෙන් විමසුවා.

● ආනන්දනීය ස්වර දැහැන කරන්න හිතුවෙ ඇයි?

ස්වර අතරම ගෙවුණ දශක හතරක කාලයේදී මා කළ මගේම නිර්මාණයන්ගෙන් ප්‍රසංගයක් කිරීම මගේ සිත තුළ තිබූ එකම සිහිනයයි. ඒ නිසා තමා මේ දැවැන්ත ප්‍රසංගය කරන්නෙ.

● ඔබ දශක හතරක් තුළ ගීත කොපමණ විතර නිර්මාණය කර තිබෙනවද?

ප්‍රවීණ ගායක, ගායිකාවන් 45 දෙනකුට පමණ ගී නිර්මාණ කර තිබෙනවා.

නවක ගායක ගායිකාවන් රාශියකට ගීත නිර්මාණය කර තිබෙනවා. කර තිබෙන මුළු ගී නිර්මාණ ප්‍රමාණය 750ක් පමණ වෙනවා. ඉන් ගීත 42ක් මෙම ප්‍රසංගයේ ඉදිරිපත් කරනවා.

● මෙහි අරමුණ මොකක්ද?

ප්‍රවීණ සංගීතවේදියෙකු ලෙස අප මේ සංගීත ක්ෂේත්‍රයෙන් සමුගත් දිනක ප්‍රතිභාපූර්ණ හැකියාවන් සහිත නවක පරපුරක් මේ තෝතැන්නට හඳුන්වා දී මේ කලා ලොව රැකගැනීම ඔවුන් වෙත භාරදීමයි මගේ අරමුණ. ඒ වෙනුවෙන් ගීත ලියූ සියලුම නවක පද රචක රචිකාවියන්, නවක ගායක ගායිකාවන් එදිනට ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ අතින් ඔවුන්ව වේදිකා ගතකර කලා ලොවට හඳුන්වා දීම මාගේ යුතුකම සහ අභිලාෂයයි.

● අනුරාධ

advertistmentadvertistment
advertistmentadvertistment