ආනන්දය 136 වන වසරට පා තබයි

219

කොළඹ ආනන්ද විiාලය ආරම්භ කර නොවැම්බර් 01 වන අද දිනට වසර 136 ක් සපිරෙයි. ගෙවීගිය සියවසකට එහා ගිය කාල පරාසය තුළ ප්‍රෞඪ වූත්, කීර්තිමත් වූත් ජාතික උරුමයකට හිමිකම් කීමට ආනන්දය සමත්ව ඇත.

යටත්විජිත යුගයක ජාතික අවශ්‍යතාවක් මත ගොඩනැඟුණු මෙම විiස්ථානය පරාධීන මානසිකත්වයෙන් මිදෙන්නට මහත් ජීවයක් ලබාදුනි.

මෙම උත්තුංග විiස්ථානය, බෝධිසත්ත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල, වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හා

මඟපෙන්වීමෙන් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් වැනි විදේශිකයන් ද, අනගාරික ධර්මපාලතුමා වැනි ස්වදේශීය ජන නායකයන්ගේ ද අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මත බිහිව ඇත.

1884 ක් වූ පෙබරවාරි 8 වැනිදා කොළඹ මරදානේ ධර්මෝපකාරී සමාගමට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා එම සංගමයට සම්බන්ධ වී කටයුතු කර ඇත. අනතුරුව හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ රැලියක් පිටකොටුවේ පැවැත්වූ අතර මෙහිදී යෝජනා කර ගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියේ අංක 61 දරන ස්ථානයෙහි ‘බෞද්ධ – ඉංග්‍රීසි පාඨශාලාව’ නමින් 1886 වර්ෂයෙහි නොවැම්බර් මස 01 වන දා මෙම විiායතනයෙහි ආරම්භය සිදුව ඇත.

බෞද්ධ – ඉංග්‍රීසි පාඨශාලාව නමින් ඇරඹි මෙම පාඨශාලාවට සිසුන් 37 දෙනකු පළමුව ඇතුළත් කෙරිණි. මෙම පාඨශාලාවට ඇතුළත් වූ පළමුවන ශිෂ්‍යයා වූයේ ජිනරාජදාස නම් ශිෂ්‍යයා ය. මෙම ජිනරාජදාස ශිෂ්‍යයා යනු බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයෙහි සිටි ඡත්තමානවකයන් බව ආනන්ද මෛත්‍රෙය නාහිමි විසින් රචනා කරන ලද ග්‍රන්ථයක සඳහන් ය. ජිනරාජදාස නම් ශිෂ්‍යයා පසු කලෙක සිත දියුණුකරගත් ප්‍රංශ, ජර්මන් ආදී භාෂාවන් කිහිපයක් පිළිබඳව ප්‍රවීණත්වයක් ලද පුද්ගලයකු වූ අතරම ආනන්දයෙහි නියෝජ්‍ය විදුහල්පති ධුරය ද හොබවා ඇත. පිටකොටුවේ මැලිබන් වීදියෙන් ආරම්භ කරන ලද මෙම ඉංග්‍රීසි – බෞද්ධ පාඨශාලාව ඉඩකඩ සීමාවීම නිසාවෙන් 1895 අගෝස්තු මස 07 වන දා වාසල මුදලි ටියුඩර් රාජපක්‍ෂ දානපතිතුමන් විසින් පරිත්‍යාග කරන ලද පරණවාඩිය නම් මෙම ස්ථානයෙහි ආනන්දය නම් විiාලය පිහිටුවනු ලැබීය. මෙම ඉංග්‍රීසි බෞද්ධ පාඨශාලාවෙහි පළමුවන විදුහල්පතිවරයා වූයේ සමථ භාවනාවෙන් සිත දියුණු කරගෙන සිටි ඉංග්‍රීසි ජාතික සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් පියතුමන් ය. ආදිකර්තෘන් සිහිකරන මෙම අවස්ථාවෙහි එතුමන්ව කෘතවේදීව සිහිපත් කරන්නෙමි. තවද එවකට බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නමින් ඇරඹි මෙම පාසල පරණවාඩියෙහි ආනන්දය නමින් ආරම්භ කිරීමට භූමිය පරිත්‍යාග කළ වාසල මුදලි ටියුඩර් රාජපක්‍ෂ මැතිතුමන් ද කෘතවේදීව සිහිපත් කරමි.

මෙම විiස්ථානය ආරම්භ කිරීමට උරදුන් බෝධිසත්ත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ද, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් මෙන්ම අනගාරික ධර්මපාලතුමන් ද, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ද කෘතවේදීව සිහිපත් කරමි. බෞද්ධකමත්, දේශීයත්වයත් මුසුව නිසි අධ්‍යාපනය ලබාදීම සඳහා ඇරඹි මෙම ආනන්දය නම් විiස්ථානයෙහි විදුහල්පති ධුරය දැරූවන් අතර ඒ. ඊ. බුල්ජන්ස්, ජේ. ටී. ඩේවිඩ්ස්, එම්. ඩබ්ලිව්. මුවර්, ප්‍රින්ස් කූන්ස් ආදී විදේශීය විදුහල්පතිවරුන් ස්වදේශිකයන් නොවූව ද ආනන්දයෙහි අරමුණ සාක්ෂාත් කර ගැනීමට තම දායකත්වය ලබාදීම අගය කළ යුතු සේම අදවන් දිනෙක පින් දෙමින් කෘතවේදීව සිහිපත් කරමි.

වර්ෂ 1889 දෙසැම්බර් 15 වන දින ආනන්දය නම් විiස්ථානයට ඓතිහාසික දිනයක් විය. ආනන්දයෙහි ඉගෙනුම ලබා විදුහල්පතිවරයකු බවට පත් ඩී. බී. ජයතිලක මැතිතුමන්ගේ පැමිණීම ඓතිහාසික අවස්ථාවකි. ඉන් අනතුරුව 1918 ජනවාරි මස 01 වැනිදා පී. ද ඇස්. කුලරත්න විදුහල්පතිතුමාගේ පැමිණීම ආනන්දයේ ඉතිහාසයෙහි නව ඇරඹුමක ආරම්භය විය.

ජී. ජී මලලසේකර, එල්. එම්. මෙත්තානන්ද, ඒ. බී. පෙරේරා, එස්. වී. ජයතිලක, එම්. ඩබ්ලිව්. කරුණානන්ද, ජී. ඩබ්ලිව්. රාජපක්‍ෂ යන විදුහල්පතිවරුන් සිදුකළ අමරණීය සේවය කෘතවේදීව සිහිපත් කරමි.

ආනන්දයෙහි ආරම්භක විදුහල්පති වූ. බී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් පියතුමාගේ පටන් අද දිනයෙහි ආනන්දයෙහි විදුහල්පති ධුරය හොබවන ඩී. එම්. එල්. පී. දිසානායක විදුහල්පතිතුමන් දක්වා විදුහල්පති නාමාවලියේ සියලු විදුහල්පතිවරුන් ද, නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් ද, සියලු අංශ ප්‍රධාන හා ශ්‍රේණි ප්‍රධාන ආදී වූ විවිධ රාජකාරීන්හි නිරත වන ගුරුභවතුන් ද ආනන්දයෙහි අරමුණු මුදුන්පත් කරගැනීමට ගත්තා වූ ද, ගන්නා වූ ද වෑයම ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි.

ආනන්දය සම්ප්‍රදාය මත ගමන් කරන බෞද්ධ විiාලයකි. එනිසා ආනන්ද විහාර මන්දිරයෙහි වැඩවසන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සැමදා සැමට ආරක්‍ෂාව හා ආශිර්වාදය සපයති. ආනන්දයට පා තබන සෑම පුද්ගලයකුම දිනපතා බුදු මැඳුර ඉදිරියට ගොස් වැඳ නමස්කාර කර ඇතුළුවන්නා සේම පිටවන්නේ ද සමාධි බුද්ධ ප්‍රතිමාවට වන්දනා කිරීමෙන්ය.

ආනන්ද විiාලයේ වැඩසිටි ස්වාමීන්ද්‍රයන් වහන්සේලා රට දැය සමය වෙනුවෙන් සෑම විටම ක්‍රියාකළහ. බෞද්ධ විiාලයන්ට හා බෞද්ධ අධ්‍යාපනයට යම් අගතියක් වන සෑම අවස්ථාවකදීම ඊට විරුද්ධව, නොබියව ඒ සඳහා ඉදිරිපත්ව එය යටපත් කළහ. එවන් යතිවරයන් වහන්සේලා වන වේපතඉර හේමාලෝක නාහිමි, අතපත්තුකන්දේ ආනන්ද නාහිමි, අකුරැටියේ විමලවංශ යන නාහිමිවරුන් ද දිගාසිරි පතමින් ගෞරවයෙන් සිහිපත් කරමි. එමෙන්ම වල්හපුතැන්නේ නන්දසුමන හිමි, මෙදේරිපිටියේ තපස්සි හිමි , හඟුරන්කෙත චන්දරතන හිමි යන ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලා ස්වකීය සේවා කාලය තුළ ආනන්දය වෙනුවෙන් කළ මහත් කැපකිරීම කෘතවේදීව සිහිපත් කරමි. ආදි ශිෂ්‍ය සංගමය සැමදා විiාලයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම මෙහිලා ගෞරවයෙන් අගය කරන අතරම, පරලෝසැපත් ආදි ගුරු භවතුන් මෙන්ම ආදි සිසු සැම කෘතවේදීව සිහිපත් කරමි. වත්මන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති බිමල් විජේසිංහ මහතා සියලුම ආදි ශිෂ්‍ය කණ්ඩායම් නියෝජනය කරමින් පාසලේ සංවර්ධනය සඳහා දක්වන සහයෝගය ඉතා කෘතවේදීව අගය කරමි.

ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි ආදිකර්තෘවරුනි, ඔබගේ විශිෂ්ට සේවාවත්, කැපවීමත් ගුණ මහිමයත් මහත් භක්තියෙන් යුක්තව සිහිපත් කරන්නෙමු. ඒ සඳහා ඔක්තෝබර් මස 31 වැනි දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා ශතාධික සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම සිදු කරන්නෙමු. ඔක්තෝබර් මස 19 වැනිදා සිට ආදි කර්තෘ දිනය වෙනුවෙන් දේශන මාලාවක් සිදුකරන ලදී. මීට අමතරව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම වැනි සමාජ සත්කාරක කාර්යයක් ද සිදු කිරීමට නියමිතය. විiාලය වෙනුවෙන් කැප වී සේවය කළ ගුරු විදුහල්පති මවුපියවරුන් ඇගයීම මෙන්ම විiාලයේ අභිමානය රකිමින් කටයුතු කරන වෘද්ධතම ආදි සිසු මහත්වරුන් ඇගයීම නොවැම්බර් 01 වන දිනට යෙදී ඇත. වත්මන් විදුහල්පතිතුමාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විiාලයීය ධර්මාචාර්යයන් වහන්සේලාගේ අනුශාසකත්වය ඇතිව ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, බෞද්ධ සංගමය, ආදි ශිෂ්‍ය සංගමය, දෙමාපියන් හා පාසලට සුබපතන්නන්ගේ අනුග්‍රහය හා සංවිධායකත්වයෙන් ආගමික වත්පිළිවෙත් හා සමාජ සුබසාධක කාර්යයන් රාශියක් ආදිකර්තෘ දිනට සමගාමීව සිදුවීමට නියමිතය. පින්වත් ආදිකර්තෘවරුනි, ඔබ සැමට මේ පින් බල මහිමයෙන් උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා යි බැති සිතින් ප්‍රාර්ථනා කරමු.

සහකාර විදුහල්පති
ශාස්ත්‍රපති පූජ්‍ය රම්මල ධම්මරක්ඛිත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment