ආනන්ද නාලන්ද සටන විසඳුමකින් තොරව නිම වෙයි

179

එරංග ජයකොඩි තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා අතර වාරයේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්ද විදුහල අතර පැවති 94 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික ක්‍රිකට් මහ සටන ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ආනන්ද විදුහල නියෝජනය කළ කිත්ම සිත්මාල් දක්ෂතම පිතිකරු ලෙස ද කවීෂ මෙන්ඩිස් දක්ෂතම පන්දු යවන්නා ලෙස ද චනුල් අතුකෝරාල දක්ෂතම පන්දු රකින්නා ලෙස ද සම්මාන දිනා ගනිමින් කැපී පෙනුණි.

පසුගිය වර ජයග්‍රහණය සටහන් කර ගනිමින් මෙවර තරගයේ පළමු ඉනිමේ පෙරමුණ ගත් කොළඹ නාලන්ද විද්‍යාලයීය පිලට ඒ සඳහා පිරිනමන ලද “එන්. ඇම්. පෙරේරා කුසලාන” හිමි විය.

ආනන්ද විදුහලේ කිත්ම සිත්මල් (90) මෙන්ම නාලන්ද විදුහලේ එරංග ජයකොඩි (83) කුෂ්මිත සිල්වා (57) මැනවින් පිත්ත හසුරුවමින් අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

ලකුණු පුවරුව

නාලන්ද විදුහල පළමු ඉනිම කඩුලු 05 ට ලකුණු 280

එරංග ජයකොඩි 83, කුෂ්මිත සිල්වා 57, චනුල් අතුකෝරල 44 (නොදැවී), සෙනේෂ් විජේසිංහ 40 (නොදැවී), රුසිරු විලෝචන 32,

(අයේෂ් ශශිමාල් 55/02, කවීෂ මෙන්ඩිස් 61/02)

දෙවන ඉනිම කඩුලු 05 ට ලකුණු 121

රුසිරු විලෝචන 38, යසිරු සමරකෝන් 29, එරංග ජයකොඩි 21 (නොදැවී). (කවීෂ මෙන්ඩිස් 34/03)

ආනන්ද විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 235

කිත්ම සිත්මල් 90, කාංචන ද ලිවේරා 43, ජනුක ඉඳුවර 44/03, මිනෝද් කල්දේරා 53/03, චනුල් අතුකෝරල 29/02)

දෙවන ඉනිම කඩුලු 02 ට ලකුණු 22

(මිනෝද් කල්දේරා 11/02)\
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment