ආනයනය අත්හිටුවූ භාණ්ඩ ගෙන්වීම ප්‍රමුඛතාව මත ලිහිල් කරනවා

120
  • මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යාවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ ඊයේ

(29 දා) පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේය.

“විදේශ සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. ජනතාවට අත්‍යාවශ්‍ය ගෑස්, තෙල්, සෞඛ්‍ය සහ ඖෂධ ආනයනය සඳහා මුදල් අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මගින් තමයි මේක නිර්දේශ කළේ. ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඩොලර් හිඟය සමඟ තමයි මෙම තහනම ඇතිකළේ. නැවත වරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින් කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. මීට අමතරව අපි දෘශ්‍යාබාධිත උපකරණ සඳහා පනවා තිබූ සීමා කිරීම් ද ඉවත් කිරීමට කටයුතු කළා” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment