ආනයනය නතර නොකර බදු පැනවීම නිසා ලොකු ලූණු මිල බැහැලා

380

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු මිල ශීඝ‍්‍රයෙන් පහළ වැටීම නිසා ගොවීහු දැඩි දුෂ්කරතාවකට පත්වී සිටිති. ඒ අනුව ලොකු ලූනු කිලෝවක් රුපියල් 80 ත් 90 ත් අතර මිල ගණන්වලට අඩුවී ඇත.

මීට ප‍්‍රධාන හේතුව ආනයනික ලූනුවලිල් ගබඩා පුරවා තිබීම බව ඔවුහු පෙන්වා දෙති. මෙහිදී රජය කළ යුතුව තිබුණේ දේශීය ලූනු අස්වැන්න නෙළීමට ආසන්නව තිබියදී ලූනු ආනයනය නතර කර බද්දක් ගැසීම බව ගොවීහු පෙන්වා දෙති. ඒ වෙනුවට බලධාරීන් කර ඇත්තේ පුළුවන් තරම් ලූනු ආනයනය කර රුපියල් 40 ක බද්දක් පැනවීම බව මාතලේ දිස්ත‍්‍රික්කයේ ගොවීහු පවසති. මේ නිසා දේශීය ලොකු ලූනුවලට ඉහළ මිලක් ලැබීම වැළැකී ඇත.

දැනට වෙළෙඳපොළේ ඇති ආනයනික ලූනු මිල හා දේශීය ලූනුවල මිල මට්ටම් සමාන වී ඇති අතර ආනයනික ලූනු කාලයක් තබා ගැනීමට හැකි නිසා පාරිභෝගිකයෝ ඒවා මිලට ගැනීමට දැඩි කැමැත්තක් දක්වන බව වෙළෙන්දෝ පවසති. කෙසේ වෙතත් ලූනු ආනයනය කිරීමට තවමත් නතර කර නැති නිසා ඉදිරියේදී දේශීය ලොකු ලූනුවල මිල තවත් පහළ යා හැකි බව ගලේවෙල ශක්ති ලොකු ලූනු සංගමයේ සභාපති සේනසිංහ බණ්ඩා මහතා පැවැසීය. ලොකු ලූනු කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 100 කට ආසන්න මුදලක් වැය වන බවත් ඒ අනුව කිලෝවක් රුපියල් 120 කටවත් අලෙවි කර ගැනීමට පහසුකම් සලසන ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

ගලේවෙල විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment