ආනයන වියදම 53.8%කින් පහතට

142

ඉකුත් ජුනි මස පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 53.8 කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2021) ජුනි මස වාර්තාවූ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2 සිට මේ වසරේ (2022) ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 176.5 දක්වා අඩු වී ඇත.

ඒ සඳහා ප්‍රධාන වශයෙන් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 46.1කින් සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම සියයට 59.7 කින් අඩුවීම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

සීනි හා රසකැවිලි ආනයන වියදම ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් දක්වා සියයට 70.9 කින් පහත වැටී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment