ආනයන සීමා කළ නිසා ඩොලරය මෙල්ල වුණා

385

ආනයන සීමා කිරීම හරහා විදේශය වෙත ගමන් කළ ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය අඩු කළ නිසා රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ මිල ඉහළ යෑම පාලනය කර ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර මහතා පවසයි.

එසේම අනිවාර්ය විකුණුම් ලෙස පැවති වෙළෙඳාම් සියයට 25 සිට සියයට 10% දක්වා අඩු කිරීමට පියවර ගනිමින් ඩොලර් අලෙවි වන ප්‍රමාණය සීමා කළ බවද පැවසූ ඒ මහතා ඒ අනුව ඩොලර් රැඳී පැවතීම සිදුවූ බවද කීවේය.

මෙම තත්ත්වය මත පෞද්ගලික බැංකු විසින් මහ බැංකුවට විකුණන ඩොලර් ප්‍රමාණය අඩු වූ බවත් ඒ අනුව එම බැංකු තුළම ඩොලර් රැඳී පැවති බවත් හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

මෙලෙස කටයුතු කිරීම නිසා ඩොලර් වෙළෙඳපොළේ පැවතීම එහි මිල අඩුවීමට බලපෑ බවද ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment