ආබාධිත පුද්ගලයා ඇඳක් මත ගින්නකට හසුවී මරුට

102

නිවසක ඇඳක් මත ගින්නකට හසුවීමෙන් මියගොස් ඇති ආබාධිත පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් හලාවත පොලිසිය මගින් ආරම්භ කර ඇත.

කන්දයියා ජෙයකුමාර් (අවු:49) නම්වූ දෙදරු පියෙක් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු හලාවත – ඉලිප්පදෙණිය, මල්වත්ත පදිංචිව සිටි අයෙකි.

මෙම අනතුර ඉකුත් 27 වැනිදා සවස සිදුවී ඇති අතර, මියගිය තැනැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඔහු අතහැර වෙනත් ස්ථානයක පදිංචියට ගොස් ඇත. එතැන් සිට ඔහු ජීවත් වී ඇත්තේ වැඩිමහල් තම සහෝදරිය සමගය. මෙසේ මරුමුවට පත් වී ඇති තැනැත්තා මීට වසර 02 කට පමණ පෙර ආබාධිත තත්ත්වයට පත්ව තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මියගොස් ඇති අය පමණි. සහෝදරිය කිසියම් අවශ්‍යතාවයකට නිවසින් බැහැරට ගොස් සිට ඇත. නිවසේ ආලින්දයේ තිබෙන ඇඳ මත ඔහු සිට ඇත. කිසියම් හේතුවකින් ඇඳට ගිනි ඇවිලීමෙන් මරණය සිදු වන්නට ඇති බවට විශ්වාස කළ හැකි යැයි පොලිසිය කියයි. මියගොස් ඇති අයට කථන ආබාධයක්ද ඇති බැවින් ගින්න සිදු වන අවස්ථාවේදී කිසිවකුට ඒ බව පැවසීමට ඔහුට හැකිවී නෙමැති වන්නට ඇතැයි මූලික විමර්ෂණවලදී අනාවර්ණය වී තිබේ.

ගින්න හට ගෙන ඇත්තේ විදුලිය කාන්දුවීමකින්ද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
පුත්තලම / නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment