ආමන්ඩ් ඩුප්ලැන්ටි රිටි පැනීමේ  ලෝක වාර්තාව යළිත් අලූත් කරයි

287

රිටි පැනීමේ ලෝක වාර්තාව යළිත් වරක් අලූත් කිරීමට ස්වීඩන් ජාතික මලල කී‍්‍රඩක ආමන්ඩ් ඩුප්ලැන්ටි සමත් වී තිබේ. සර්බියාවේ පැවැති ලෝක ගෘහස්ථ මලල කී‍්‍රඩා තරගාවලියකදී මෙම දස්කම දැක්වීමට ඔහු සමත්වී තිබේ.

අදාළ තරගාවලියේදී මීටර් 6.19ක දක්ෂතාවයක් දක්වමින් නව ලෝක වාර්තාව සටහන් කිරීමට ඩුප්ලැන්ටි සමත් වී තිබේ. මීට පෙර එම ලෝක වාර්තාව මීටර් 6.18ක් ලෙසින් සටහන් වූ අතර එම වාර්තාවේ හිමිකරු ද ආමන්ඞ් ඩුප්ලැන්ටි වීම කැපී පෙණුනි.

22 වැනි වියේ පසුවන ආමන්ඩ් ඩුප්ලැන්ටි ඇමරිකාවේ උපත ලබා ස්වීඩනය නියෝජනය කරමින් මලල කී‍්‍රඩාවට අවතීරණ වී තිබේ. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද ආමන්ඞ් සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment