ආයතන 2100 ක හොර ඉන්ධන ගබඩා : ඇමැති කංචන

238

අවසරයකින් තොරව ඉන්ධන ගබඩා කරගෙන සිටින ව්‍යාපාරික ස්ථාන 2100ක් ඇති බව හෙළි වී ඇතැයි බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ඉදිරියේදී එවැනි ආයතන සඳහා මෙන්ම ලබාදී ඇති උපදේශයන් අනුගමනය නොකරන ආයතන සඳහා ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන නිකුත් නොකරන බව ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

ව්‍යාපාරික ස්ථාන සඳහා ඉන්ධන ගබඩා කර ගැනීමට ඛනිජතෙල් සංස්ථාව අවසර ලබාදී ඇතත් බොහෝ ආයතන එම අවසරය ලබා නොගෙන ඉන්ධන ගබඩා කරගෙන සිටින බවට වාර්තා වී ඇතැයිද ඇමැතිවරයා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment