ආයීෂාගේ ඝාතකයා රිමාන්ඩ්

280

බණ්ඩාරගම අටලුගම ෆාතිමා අයීෂා නමැති 09 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (31 දා) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (01 දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.

අටලුගම පදිංචි ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි තිදරු පියකු වන මොහු ඉකුත් 30 වැනිදා පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝග ගෙන තිබිණි.

ආයීෂාගේ ඝාතකයා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සැකකරු මනුෂ්‍ය ඝාතනය, පැහැර ගැනීම, අයුතු අවහිරය, ලිංගික අතවර කිරීමට තැත් කිරීම, තුවාල සිදු කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා හයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු වෙනුවෙන් පානදුර නීතිඥ සංගමයේ නිතිඥවරයකු හෝ වෙනත් කිසිදු නීතිඥවරයකු ඉදිරිපත් වී නැත.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක -බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment