ආයුර්වේද කසායත් ගෑස් නැතිව හෝස්ගායි

181

ගෑස් අර්බුදය හේතුවෙන් ආයුර්වේද රෝහල්වල කෂාය වර්ග, අරිෂ්ට වර්ග, තෙල් වර්ග ඇතුළු ඖෂධ නිෂ්පාදනයට බාධා එල්ල වෙමින් පවතින බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි සංගමයේ සංවිධායක ලේකම් වෛද්‍ය පී. ඞී. එන්. එස්. ජේ. බණ්ඩාර මහතා ‘‘දිවයින’’ට ඊයේ (25 දා) පැවැසීය.

මේ ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇතැයි ද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. මේ ගෑස් ප‍්‍රශ්නය නිසා ආයුර්වේද රෝහල් පද්ධතියම කඩාවැටීමේ අවදානමකට ලක්වෙලා. රාජගිරිය ආයුර්වේද රෝහල, නාවින්න ආයුර්වේද රෝහල, හම්බන්තොට චමල් රාජපක්‍ෂ ආයුර්වේද රෝහල, මීගොඩ ආයුර්වේද රෝහල, ගම්පහ වික‍්‍රමාරච්චි ආයුර්වේද රෝහල යන රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර සැපයීමේ
ගැටලු ද මතුවෙලා තියෙනවා. අනිත් එක කෂාය වර්ග, අරිෂ්ට වර්ග, තෙල් වර්ග ඇතුළු ඖෂධ නිෂ්පාදනය කරන්න බැරි තත්ත්වයක ඉන්නේ. හේතුව ගෑස් අර්බුදය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment