ආයුර්වේදයේ කෝටි පනස් හතරක දීමනා ගැහිල්ලක්

184

ශ්‍රි ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ඉකුත් වසර 07ක කාලය තුලදි මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිරි දිමනා වශයෙන් සංස්ථාවේ සේවකයින් සදහා රුපියල් පනස්හතර කෝටි,හැටඑක්ලක්ෂ,හතලිස් එක්දහස් ,පන්සියදාහතරක මුදලක් (546,141,514) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2021 වර්ෂය තුලදි සංස්ථාවේ සේවකයින් සදහා නිෂ්පාදින දිරිදිමනා වශයෙන්,පන්කෝටි,විසිහත්ලක්ෂ,අසුඑක්දහස්,අටසිය,අසුඑකක මුදලක් ද (52,781,881) පැමිණිමේ දිමනා වශයෙන් පනස්නම ලක්ෂ,අසුහත්දහසක (5,987,000) මුදලක් සහ පලදායිතා දිමනා වශයෙන් රුපියල් එක්කෝටි,විසිතුන්ලක්ෂ,අනුදෙදහස්,හත්සියපනහක මුදලක් (12,392,750) ගෙවා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.2021 වර්ෂය තුලදි දිරිදිමනා වශයෙන් ගෙවා ඇති සම්පුර්ණ මුදල රුපියල් හත්කෝටි,එකොළොස්ලක්ෂ,හැටඑක්දහස්,හයසියතිස් එකකි.(71,161,631) නිෂ්පාදිත ඖෂධ වර්ගය මත බරතැබිමක් කරමින් අදාළ නිෂ්පාදන එකක ප්‍රමාණයේ වැඩිවිම මත ගණනය කර දිරිදිමනා මුදලක් නිෂ්පාදන කටයුතු සදහා සෘජු දායකත්වයක් සපයන සේවකයින් සදහා ක්‍රියාත්මක කිරිම තුලින් ආයතනයේ පලදායිතාවය ඉහල නංවා ගැනිමට හැකි බව ජාතික විගණන කාර්යාලය පෙන්වාදෙයි. එවැනි ක්‍රමයක් වෙනුවට රුපියල් මිලියන 15 ඉක්මවා වැඩිවන මාසික නිෂ්පාදන පිරිවැය මත පදනම්ව සංස්ථාවේ සියලුම අංශවල සේවකයින්ට මාසිකව රුපියල් මිලියන 03ත් රුපියල් මිලියන 07ත් අතර මුදලක් නිෂ්පාදන දිරිදිමනා වශයෙන් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දි ගෙවා ඇති නිෂ්පාදන දිරිදිමනා මුදල සියයට 57කින් වැඩිවි තිබු බව සදහන් කරණ ජාතික විගණන කාර්යාලය නිෂ්පාදන පිරිවැය ඉහළ යන අවස්ථාවලදි සංස්ථාවේ ලාභදායිත්වය අඩුවුවද ගෙවන නිෂ්පාදන දිරිදිමනාව වැඩිකිරිමට සිදුවි තිබුණි. විදිමත් අනුමැතිය ලබාගත් දිරිදිමනා යෝජනා ක්‍රමයක් මත පමණක් දිරි දිමනා ගෙවිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. කෙසේවුවද ශ්‍රි ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබාගෙන දිරිදිමනා ගෙවා ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment