ආයුර්වේද ඖෂධ පර්යේෂණාගාරය වසර පහකට කර ඇත්තේ පර්යේෂණ 3යි

171

ශී‍්‍ර ලංකාවේ ආයුර්වේද ඖෂධ පර්යේෂණාගාරය විසින් 2016 සිට 2020 දක්වා වසර 05 තුළදී කරන ලද පර්යේෂණ සංඛ්‍යාව 03 ක් යැයි දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය.

එම ආයතනය විසින් පර්යේෂණ 14කට වඩා ආරම්භ කර ඇතත් නිම කර ඇත්තේ පර්යේෂණ 03ක් පමණක්

බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මෙම ආයුර්වේද පර්යේෂණාගාරය විසින් නව නිෂ්පාදන හඳුන්වා දීමක් සිදු නොවන බවද කියා සිටියේය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර මොහොමඞ් මුසම්මිල් මහතා විසින් අසා තිබූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment