ආයුර්වේද සිද්ධ යුනානි වෛද්‍යවරුන් 1005 කට රැකියා නෑ

485

ආයුර්වේද සිද්ධ යුනානි උපාධිධාරි වෛද්‍යවරුන්ගේ රැකියා විරහිත සංඛ්‍යාව ලබන වසර මුල වන විට 1005 ක් දක්වා ඉහළ යන බවත් ඔවුන්ගේ රැකියා ගැටලූව විසඳීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවත් රැකියා විරහිත උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සුජිත් දිසානායක හා සභාපති වෛද ප‍්‍රියන්ත වලවිට යන මහත්වරු ප‍්‍රකාශ කරති.

මේ වන විට එලෙස උපාධිධාරි වෛද්‍යවරුන් 719 ක් රැකියා විරහිතව සිටින බවත් තවත් පිරිසක් ලබන වසරේ සීමාවාසික පුහුණුව නිමා කිරීමත් සමග එම ප‍්‍රමාණය 1005 ක් වන බවත් ඔවුහු පවසති.

රජය උපාධිධාරීන්ට රැකියා ලබා දීම ක‍්‍රියාත්මක කිරීමේදී දේශීය වෛද ක‍්‍රම හදෑරූවන් නොසළකා හැර ඇති බවද ඊයේ (27 දා) දහවල් විරෝධතාවකට එක්වෙමින් ඔවුහු සඳහන් කළහ.

 අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment