ආයුර්වේද හොර වෙද්දු 25000 ක් රට පුරා

178

හොර වෙදුන් 25,000 ක් පමණ දිවයින පුරා සිටින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවා ගමගේ මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවැසීය.

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ විවිධ බෙහෙත් වට්ටෝරු ඉදිරිපත් කරන විවිධ පුද්ගලයන්ව ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලියාපදිංචි කිරීමට උත්සාහ දරන බවට තමාට තොරතරු ලැබී ඇතැයිද හෙතෙම කීය.

මෙය සම්පූර්ණයෙන්ම වැරදි කි‍්‍රයාවක් බවත්, මේ සම්බන්ධයෙන් සංගමය ඉදිරියේදී නීත්‍යනුකූල කි‍්‍රයාමාර්ග ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය පී. හේවාගමගේ මහතා මෙසේද කියා සිටියේය.

සාමාන්‍යයෙන් පාරම්පරික වෛද්‍යවරයෙක් ලියාපදිංචි කරනකොට වාචික හා ප‍්‍රායෝගික පරීක්‍ෂණ තියලා ඒකෙන් සමත් වුණොත් විතරයි ඔහුව හෝ ඇයව ලියාපදිංචි කරන්නේ. දැන් මේ ආයුර්වේද වෛද්‍ය සභාව ලියාපදිංචි කරන්න යන්නේ නීත්‍යනුකූල නොවන ආකාරයටයි. දැනටමත් ලංකාවේ හොර වෙද්දු 25,000 කට වැඩිය ඉන්නවා.

හරියට රෝගියා ගැන අවබෝධයක් නැතිව ඔහුගේ ඉන්ද්‍රියන් හඳුනාගැනීමක් නැතිව බෙහෙත් කරන පිරිසක් තමයි බිහිවෙමින් තියෙන්නේ. මේක බොහොම භයානක තත්ත්වයක්. නිසි ක‍්‍රමවේදයක් නැතිව හොර පාරෙන් ආයුර්වේද වෛද්‍යවරුන් කියලා ආයුර්වේද වෛi සභාව කරන්න යන මේ හොර වැඬේට එරෙහිව නීත්‍යනුකූල කි‍්‍රයාමාර්ග ගන්නවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment