ආයෝජන ඉහළ නැංවීමට දෙරට අතර අතිවිශාල අවස්ථාවක් පවතිනවා – විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් තුර්කි විදේශ ඇමැති සමඟ සාකච්ඡා

105

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගි වන අතරතුර දී තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලූත් චවුෂෝලෝ මහතා ඉකුත් 17 වැනිදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡුාවක නිරත විය.

 එහිදී දෙරට අතර, විශේෂයෙන් ආර්ථික හා වෙළෙඳ සබඳතා අතර ශක්තිමත් කර ගැනීම සඳහා වෙනත් මට්ටම්වල සංචාරයන් සහ අන්තර් ක‍්‍රියාකාරකම් තුළින් සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් බව විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සඳහන් කළහ. දෙරට භූගෝලීය වශයෙන් දුරස්ව පැවතුනද, දෙරට අතර සබඳතා ඉතා සමීප බව විදේශ අමාත්‍ය චවුෂෝලෝ මහතා පැවසීය. කොවිඞ්-19 වසංගතය අතරතුර දී වෙන්ටිලේටර් සහ අනෙකුත් උපකරණ සැපයීමේ දී තුර්කියෙන් ශ‍්‍රී ලංකාවට නොමසුරු ආධාර ලබා දුන් බව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, සුනාමි ව්‍යසනයෙන් පසු නිවාස ලබා දීම සඳහා තුර්කිය ලබා දුන් සහයෝගය ද අගය කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇ.ඩො. මිලියන 100 සිට ක‍්‍රමයෙන් ඉහළ ගොස් වසර තුළ දී ඇ.ඩො. මිලියන 200 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබීම අමාත්‍යවරු අගය කළහ.

 තුර්කිය වෙත සිදු කෙරෙන, දැනට 80% ක් තේවලින් සමන්විත අපනයනය විවිධාංගීකරණය කළ යුතු බවත්, තුර්කිය ප‍්‍රවීණතාවක් දරන ඉදිකිරීම් සහ ඖෂධ කර්මාන්තය වැනි වර්ධනය වන ක්ෂේත‍්‍රවල ආර්ථික වෙළෙඳ කටයුතු සහ ආයෝජනය ඉහළ නැංවීම සඳහා දෙරට අතර අතිවිශාල අවස්ථාවක් පවතින බවත් අවධාරණය කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, දේශීය වෙළෙඳපොළ සඳහා සහ ඉන් ඔබ්බට ඖෂධ නිෂ්පාදනය සඳහා නිශ්චිත ආර්ථික නිදහස් කලාප ඇති කරමින් මෙම ක්ෂේත‍්‍රය දියුණු කිරීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් කළේය. තුර්කි ඉදිකිරීම් අංශය ලොව දෙවැනි විශාලතම අංශය බවත් ඔවුන්ට තම කලාපයේ පමණක් නොව ගෝලීය වශයෙන්ද ව්‍යාපෘති ගණනාවක් ඇති බවත් තුර්කි විදේශ අමාත්‍යාවරයා අවධාරණය කළේය. දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘති, ආයෝජන සහ මුලපිරීම් සඳහා අවස්ථා සැපයීමට හැකි වන පරිදි, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආයෝජන ප‍්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ වැදගත් ගිවිසුම්වලට එළඹීම පිළිබඳව අමාත්‍යවරු දෙදෙනා උනන්දුවක් දැක්වූහ. වැදගත් ගෝලීය ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස එරටේ කාර්යභාරය ඉහළ නැංවීම පිණිස තුර්කියේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය දක්වා ව්‍යාපෘති සාර්ථක කර ගැනීම පිළිබඳ අත්දැකීම් තුර්කියේ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment