ආයෝජන මණ්ඩලයේ රැකියා බැංකුවක් අරඹයි

351

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ගගත (ඔන්ලයින්) රැකියා බැංකුවක් ආරම්භ කරන ලදී.

මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් බවත් කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවත් ආයෝජන මණ්ඩලය පවසයි.

මේ ගැන කරුණු පැහැදිලි කරන ආයෝජන මණ්ඩලය මෙසේද පවසයි.

එමගින් රැකියා අපේක්‍ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජන ප‍්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටා ඇති ආයතන අතර ඩවාත් ඵලදායි මෙන්ම පහසු සම්බන්ධතාවයක් ගොඩනැ`ගීමට අපේක්‍ෂා කෙරේ.

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලීය වෙබ් අඩවිය https://investsrilanka.com වෙත පිවිස online ඔස්සේ job bank අයිකනය මගින් මෙම මාර්ගගත රැකියා බැංකුව වෙත පිවිසිය හැකිය.

රැකියා අපේක්‍ෂිතයන් විසින් jobseeker login ඔස්සේ මේ සඳහා ලියාපදිංචි විය හැකි අතරම ආයතනය මගින් පළකොට ඇති රැකියා ඇබෑර්තු සඳහා ඉල්ලූම් කිරීමේ පහසුකම සපයා ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහත සඳහන් දුරකථන අංක හෝ විද්යුත් ලිපිනයන් හරහා ලබාගත හැක.

අධ්‍යක්‍ෂිකා (කාර්මික සම්බන්ධතා) ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දුරකථන අංක : 0112427119, විද්යුත් ලිපිනය [email protected]

සහකාර අධ්‍යක්‍ෂිකා (කාර්මික සම්බන්ධතා) ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දුරකථන අංක : 0112427124 විද්‍යුත් ලිපිනය [email protected]

කාර්මික සම්බන්ධතා නිලධාරිනී (කාර්මික සම්බන්ධතා) ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දුරකථන අංක : 0112427164 විද්‍යුත් ලිපිනය [email protected]

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment