ආයෝජන 73 ගත්තානම් මෙච්චර ‘අඬන්න’ දෙයක් නෑ – ඇමැති දිළුම් අමුණුගම

278

ඩොලර් බිලියන ගණනක් රටට ගෙනෙන නව ආයෝජන 73කට අනුමැතිය දුන්නා නම් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මුදල් ඉල්ලා පින්සෙණ්ඩු වෙන්න, කන්නලව් කරන්න රටවල් ගානේ යන්න දෙයක් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා (19 දා) පැවසීය.

ආයෝජන මණ්ඩලය ආරම්භ කර වසර 43ක් ගත වී ඇතත් ආයෝජන ගෙනත් ඇත්තේ ඩොලර් බිලියන 20ක් පමණ යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. විදේශ ආයෝජකයන්ට පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 27 වැනි මහලේ නව මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

ආයෝජන මණ්ඩලය ආරම්භ කර වසර 43ට ඩොලර් බිලියන 20ක් ලැබීම පිළිබඳව ආයෝජන මණ්ඩලයට බැනලා වැඩක් නැහැ. ආයෝජන මණ්ඩලය පහසුකම් ලබාදීම සඳහා ඉන්නෙ එක් ආයතනයක් පමණයි. ආයෝජන 73ක් මෙච්චර අර්බුද පවතිද්දීත් එන්න කැමැත්ත ප්‍රකාශ කර තිබියදී කෘෂිකර්ම, පරිසර, විදුලි ඇතුළු ආයතන කිහිපයකින් අනුමැතිය ලබාගැනීමට නොහැකි වීම නිසා මෙම ආයොජන ආරම්භ කරන්න බැරිව තියෙන බව වාර්තා වෙනවා.

චමින්ද සිල්වා – ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment