ආරංචිය ඇත්ත… මම ආපහු අම්මා කෙනෙක් වෙන්න යනවා – නෙහාරා පීරිස්

511

නෙහාරා පීරිස් කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ඇයට ලැබුණා. ඇය විවාහ වුණේ ක්‍ෂේත්‍රයේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමඟ. විවාහයෙන් පස්සෙ දෙන්න කාලයක් ලංකාවේ පේන්න හිටියේ නැහැ. ඒ දෙන්න ඇමරිකාවේ ගිහින් හිටපු නිසා අද වෙනකොට මේ දෙන්නා ලංකාවට ඇවිත් පුංචි දියණියකගේ දෙමාපියන් බවට පත්වෙලා. යළිත් මේ දෙදෙනා ගැන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. ඒ තමයි නැවත වතාවක් නෙහාරා මවු පදවිය ලබන්න සූදානමින් ඉන්නවා කියලා. ඉතින් ඒ කතාව ගැන නෙහාරා මුලින්ම මීවිත එක්ක මේ විදිහට කතාබහක නියැළුණා.

නෙහාරා ආපසු විරාමයක් අරගෙන නේද?

ඔව් ඒ කතාව හරි. මම මේ දවස්වල විරාමයක් අරගෙන තියෙන්නේ.


ෂූටින් භාර ගත්තු ඒවා ඉවරද?

මගේ විකාශනය වීමට නියමිත නාට්‍ය මුකුත් නැහැ. අන්තිමට රංගනයට දායක වුණේ මේනක අධ්‍යක්‍ෂණය කරපු ගුග්ලි ටෙලි නාට්‍යයේ. පස්සේ මුකුත් වැඩක් භාරගත්තේ නැහැ.

මහත්තයාගේ ටෙලි නාට්‍යයෙන් පස්සෙ අලුත් වැඩක් භාරගත්තේ නැහැ?

ඔව්නේ නැහැ.

නෙහාරා මේනක පවුලට අලුත් අමුත්තෙක් එනවා කියන්නේ?

ඔව් එහෙම ආරංචියක් තියෙනවානේ.

ඒක බොරුවක්ද?

නැහැ නැහැ ආරංචිය ඇත්ත. මම ආපහු අම්මා කෙනෙක් වෙන්න යනවා…

ඒ හැඟීම මොන වගේද?

ඒ හැඟීම හරි නැවුම්. ඒක වචනවලට පෙරළන්න හරි අමාරුයි. දෙදරු මවක් කිව්වහම මට හරි ආරම්බරයි. ඉදිරියට වගකීම් ගොඩක් තියේවි. ඒවට මුහුණ දෙන්න සූදානමින් බොහොම සතුටින් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ආරංචිය ඇත්ත... මම ආපහු අම්මා කෙනෙක් වෙන්න යනවා - නෙහාරා පීරිස්

මේ පාර බලාපොරොත්තුව දුවෙක්ද? පුතෙක්ද?

මේ පාරත් කවුරු වුණත් කමක් නැහැ.

මේනක මොකද කියන්නේ…

එයාටත් එහෙම තමයි.

මේනකගේ වැඩකටයුතු කොහොමද?

එයා හරි කාර්ය බහුලයි. බොස්ටන් ලංකා කියලා නිෂ්පාදන ආයතනයක් ලංකාවේ ආරම්භ කළා. ඒක ඇත්තටම ඇමරිකාවේ ලියාපදිංචිවෙලා තියෙන සමාගමක්. ඇත්තටම චිත්‍රානි ද මෙල්, වයෝනි ද මෙල්, මගේ මමයි, මම්මයි දෙපළ මේක අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන යන යූ ටියුබ් නාලිකාවක්. ඉතිං ඒගොල්ලන්ටත් මේනකටත් ලොකු වුවමානවක් තිබුණා ලංකාවේ බොස්ටන් ලංකා නමින්ම නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්න. මේ මාසයේ මුල ඒක ආරම්භ කළා. ඒ නිෂ්පාදන ආයතනයෙන් ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ චිත්‍රපට නිෂ්පාදනය කරන්න පුළුවන්.

ඔබේ වැඩවලට මේනකගෙන් ලැබෙන සහාය…

මට ඉතින් එයත් එක්ක යාළු වුණ දවසේ ඉඳලා ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒකේ වෙඅනසක් නැහැ ඒක වැඩිවෙලා මිසක් අඩුවෙලා නැහැ. එයා කොච්චර කාර්ය බහුල වුණත් එයා පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්න උපරිම උත්සාහයක් ගන්නවා.

විටින් විට රංගනයෙන් ඉවත්වීම ගැන දුකයිද?

නැහැ දුකක් නැහැ. මම මේ කතාව සිය වතාවක් විතර මාධ්‍යට කියලා තියෙනවා. මම පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ මගේ අම්ම වගේ මමත් ගෘහනියක් වෙන්න. අහම්බයෙන් මම කලා ක්‍ෂේත්‍රයට එන්නේ. කලා ක්‍ෂේත්‍රයට ආවට පස්සේ මම කොහොම ජනප්‍රිය වුණත් අංක එක වෙන්න ඕනෑ මගේ පවුල කියන කාරණය. ඉතින් මගේ සැමියා මගේ ළමයි තමයි ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ. අපි මේ හැම දෙයම සැලසුම් කරලා කරන දේවල්. ඉතින් බොහොම සතුටින් තමයි හැම දෙයක්ම සැලසුම් කරන්නේ. කලාවෙන් සැරින්සැරේ අයින් වෙන්න ලැබීම ගැන කිසිම දුකක් නැහැ. අම්මා කෙනෙක් වීම ඕනෑම කාන්තාවකගේ හීනයක්. ඉතින් මටත් ඒක ලොකු හීනයක් වෙලා තිබුණා. හරි සතුටුයි. මේනක නම් අධ්‍යක්‍ෂණයට අමතරව ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙනුත් දායක වෙනවා. මම ක්‍ෂේත්‍රයට ආපු කාලයේ ගොඩක් වැඩ කළා. එපාවෙන තරමට මම වැඩ කළා. ඒක නිසාද මම දන්නේ නැහැ මම ජනප්‍රියත්වය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි’ මේ සියල්ල මට ලැබෙන්නේ අහම්බයෙන්’ ඒ හින්දා දුකකුත් නෙමෙයි.

රංගනයට සම්පූර්ණයෙන්ම සමුදේවිද?

මම ඇත්තටම තවම ඒ ගැන නම් හිතලා නැහැ. පළමුවැනි බබා හම්බවෙලා මාස හයකට විතර පස්සේ තමයි වැඩකට සම්බන්ධ වුණේ. වැඩසටහන්වලට ලැබුණු ආරාධනා නම් භාර ගත්තා. මේ ගමන මම දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් කොහොමද කියලා. ඇත්තටම ආරාධනාවක් ලැබෙනවා අඩුයි. කොහොමත් දැන් අලුත් අය ඉන්නවානේ. මේක ඉතින් චක්‍රයක් වගේනේ. අනික හැමදාම ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹෙන්න බැහැ. ආරාධනාවක් ආවොත් ඒක ඒ වෙලාවේ හැටියට තමයි මට තීරණය කරන්න වෙන්නේ. ඉස්සරනම් බබාලා නැතිකොට දෙපාරක් හිතන්න දෙයක් නැහැනේ. වැඩේට කැමති නම් උත්තරය දෙන්න පුළුවන් හා කියලා. දැන් ආරාධනාවක් ලැබුණොත් කරන්න පුළුවන්ද බැරිද කියලා හොඳට හොයල බලන්න වෙනවා මොකද බබාලගේ වගකීම් ඉහලයිනේ.

නෙහාරා ඩාන්සින් ස්ටුඩියෝ එකට මොකද වුණේ?

ඒකේ වැඩ කටයුතු කෙරීගෙන යනවා මේ දිනවල පන්ති පැවැත්වෙනවා, වැඩමුළුත් පැවැත්වෙනවා ස්ටුඩියෝ එකේ හැම තිස්සේම වගේ කාර්ය බහුලයි. මේනක තමයි මේ දිනවල ඒකෙත් වැඩ බලන්නේ. මොකද මම නිතරම එතැනට යැවෙන්නේ නැහැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment