ආරක්‍ෂක අංශ  ජනතාව පැත්තේ හිටගන්න – අනුර කුමාර ඉල්ලයි

210

පාලකයන්ගේ අසාධාරණ ඉල්ලීම්වලට අවනත නොවී ජනතාවගේ පැත්තේ හිට ගන්නා මෙන් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ගෙන් කාරුණිකව ආයාචනා කර ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 වැනිදා) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

බැටන් පොල්ල, කඳුළු ගෑස්, ගිනි අවිය සාමාන්‍ය ජනතාව ඉලක්ක කර නොගන්නා මෙන් ද ආරක්ෂක අංශයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

රටේ අනාගතය තීරණය වන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මේ මොහොතේ ගන්නා තීරණ අනුව යැයි ද සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා මහා ඛේදවාචකයක් වැළැක්වීම සඳහා පැවරී ඇති වගකීම ඉටුකරනා මෙන් තවදුරටත් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවට පැවරී ඇති වගකීම වන්නේ රටේ ජනතාව ආරක්ෂා කිරීම මිස අනීතික පාලකයන් ආරක්ෂා කිරීම නොවන නොවේ යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඔවුන් රටත් ජනතාවත් අසීරුතාවයට පත් කළ පාලකයන් ආරක්ෂා කරනවා වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කළ යුතු යැයි ද හෙතෙම කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment