ආරක්ෂක අමාත්‍යංශය සංවිධාන 06ක අසාදු ඉවත් කර නව සංවිධාන 03ක් අසාදු කරයි

302


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතිය යටතේ අසාදු ලේඛණ ගතකර තිබූ සංවිධාන හයක් සහ පුද්ගලයින් 316ක් අසාදු ලේඛණයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.එසේ අසාදු ලේඛණයෙන් ඉවත් කළ සංවිධාන වනුයේ ඕස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය,ගෝලීය දෙමළ සංසදය,ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව,ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය,කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධාන හයය.මේ අතර නව සංවිධාන තුනක් සහ පුද්ගලයින් 55ක් අසාදු ලේඛණයට එක්කර තිබේ.එසේ අසාදුගතකර ඇති සංවිධාන තුන වනුයේ දාරූල් අදර් හෙවත් ජමිූල් අදර් මොස්ක් හෙවත් ධරූල් අදර් කුරාන් මද්‍රසා හෙවත් දාරූල් අදර් සංවිධානය,ශ්‍රී ලංකා ඉස්ලාමීය ශෂ්‍ය සංගමය සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජයයි.

advertistmentadvertistment
advertistmentadvertistment