ආරක්ෂක උපකරණ නිපදවීමට ඉන්දියාවෙන් බංග්ලාදේශයට ආරාධනා

146

ඉන්දියාව සමග එක්ව ආරක්ෂක උපකරණ නිෂ්පාදනය සහ සංවර්ධනය සඳහා එක්වන ලෙස ඩකාහි ඉන්දීය මහ කොමසාරිස් ප්‍රානේ වර්මා බංග්ලාදේශයට ආරාධනා කර ඇත. නවදිල්ලිය විසින් ඩකා වෙත දීර්ඝ කරන ලද ඩොලර් මිලියන 500 ක ආරක්ෂක ණය ගිවිසුම හරහා ආරක්ෂක නවීකරණයට හවුල් වීමට ද ඉන්දියාව සූදානම් බව ද ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආරක්ෂක කර්මාන්ත සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීමේ කොටසක් ලෙස ඩකා හි පැවති ඉන්දීය ආරක්ෂක උපකරණ පිළිබඳ සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනයක් ඉදිරිපත් කරමින් වර්මා මේ බව ප්‍රකාශ කර ඇත.
ඩකාහි ඉන්දීය මහ කොමසාරිස් ප්‍රානේ වර්මා මෙම යෝජනාවන් ඉදිරිපත් කරන අතරම ඒකාබද්ධව ආරක්ෂක උපකරණ සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා බංග්ලාදේශ සන්නද්ධ හමුදාවන්ට ආරාධනා කර ඇත. එසේම ඉන්දියාවේ ලාභදායී සහ උසස් තත්ත්වයේ හමුදා ආම්පන්න වලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ආරාධනා කළේය.
ඉන්දීය නිෂ්පාදන ලෝකය සඳහා යන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දැක්ම මගින් මෙහෙයවන ලද පසුගිය දශකයකට ආසන්න කාලය තුළ ඉන්දීය ආරක්ෂක කර්මාන්තයේ ජයග්‍රහණ ද ඔහු ඉස්මතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment