ආරක්‍ෂක ප්‍රධානීහු ජනපති හමුවෙති

86

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්‍ෂක ප්‍රධානීන් අතර හමුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19 දා) සිදුවිය.

ආරක්‍ෂක ප්‍රධානීහු ජනපති හමුවෙති

ජනාධිපති සහ සේනාධිනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික ලෙස මෙම හමුව සිදු වූ අතර ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්. ආර් ළමාහේවාගේ, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක යන මහත්වරු මෙලෙස ජනාධිපතිවරයා හමුවූහ.

ආරක්‍ෂක ප්‍රධානීහු ජනපති හමුවෙති

සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයාට සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment