ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියා අභාවප්‍රාප්ත වෙයි  

156

දිවංගත සුමනා සිල්වා මහත්මියගේ ස්වාමිපුරුෂයා මෙන්ම වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පියාණන්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති එල්.එච්. ක්‍රීසි සිල්වා (93) මහතා ඊයේ (13දා) අභාවප්‍රාප්ත විය.

ඒ මහතා වර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා (විශ්‍රාමික) සහ බැංකු කළමනාකාරිනී නෙරංජනී සිල්වා මහත්මියගේ පියාණන් විය.

දිවංගත ක්‍රීසි සිල්වා මහතා වර්ෂ 1989 සිට 1993 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ අතර හෙතෙම ඊට ප්‍රථම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය සභාපතිවරයකු වශයෙන් ද සේවය කර ඇත. දේහය මාතලේ එම්. සී. පාර, රාහුල මාවතේ අංක 10 දරණ ලිපිනයෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15දා) පස්වරු 4.30 ට මාතලේ පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment